Home / හොලිවුඩ් ගොසිප් / දුක දිනා ජයගත් හොලිවුඩ් තරු


දුක දිනා ජයගත් හොලිවුඩ් තරු


2017-09-21 10:21:00       675
feature-top
ලේඩි ගාගා ද අද වන විට ලොව පුරා ඉහළ රසික ප්‍රසාදයක් දිනා සිටින අමෙරිකානු ගායිකාවක්. ගීත රචිකාවක මෙන්ම නිළියක ලෙසින්ද ජනප්‍රිය ඇය වයස අවුරුදු 19දී සංගීත ආයතනයක් සමඟින් ගීත එකතුවක් කිරීමට අත්සන් තැබූවත් මාස තුනක් ගත වූ තැන එම ආයතනය විසින් එය ගිවිසුම අවලංගු කර දැමුවා. ඇයගේ ප්‍රථම ගීතය වුණේ ඊඩඥ ජ්චථඥ.පසුව ඇයට බ්‍රිට්නි ස්පියර්ස් වැනි අයටත් ගීත රචනා කරමින් සංගීත ක්ෂේත්‍රයේ සාර්ථක වෙන්න හැකි වී තිබෙනවා.

සාර්ථකත්වය යනු ඉතා පහසුවෙන් ළඟාකර ගත හැකි දෙයක් නොවේ. නමුත් සාර්ථක වීම කළ නොහැකි දෙයක් ද නොවේ. ස්ථිර අධිෂ්ඨානය, කැපවීම, නොසැලී සිටීම සාර්ථකත්වයේ රහස් ය. හොලිවුඩයේද වර්තමානය වන විට ඉහළ සාර්ථකත්වයක් ලද තරු බොහෝ වෙති. ඒ අතර ඇතැමුන් කාලයක් ගත වී එම සාර්ථකත්වය ළඟාකර ගත් අය වීම විශේෂ කරුණකි.

රොක් ඇන්ඩ් රෝල් රජු ලෙසින් විරුදාවලි ලත් එල්විස් ප්‍රෙස්ලි මෙම ගණයට අයත් වන්නෙක් බව කීම ඔබ පුදුම කරනු ඇත. ඔහු අතිශය ජනප්‍රිය ගායකයෙක් සේම සිනමා තරුවක් ද විය. ප්‍රෙස්ලි සංගීත ලොවට පිවිසි මුල් කාලයේදී කෙතරම් අසාර්ථක වූයේද කිවහොත් වරෙක ඔහු තම මිතුරෙකුට පවසා තිබුණේ, තමන් ගායකයකු වීමට උත්සාහ දැරුවාට වඩා ලොරි රථ රියදුරෙකු වූවා නම් වඩා හොඳ බවයි.

ඔප්රා වින්ෆ්‍රේ සමාජ ක්‍රියාකාරිණියක්, රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, නිළියක්, නිෂ්පාදිකාවක් ද ලෙසින් ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටියි. බොහෝ දෙනා ඔප්රා හඳුනා ගත්තේ, ඇය විසින් ඉදිරිපත් කළ The Oprah Winfrey Show රූපවාහිනි වැඩසටහන ඔස්සේයි. ඇය ද වර්තමානයේ සිටින තත්ත්වයට පත් වීමට ඉතාමත් වෙහෙසකර ගමනක යෙදුණු බව පවසන්නීය. තරුණ වියේදී දිළිඳු දිවි පෙවෙතක් ගත කළ ඇය රැකියාවක් සොයා බෙහෝ දෙනෙකු ළඟට ගොස් තිබෙනවා. නමුත් අද වන විට ඔප්රාගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා වෙනවා. ඇය අතිශය කටුක ළමා කාලයක් ගත කළ ද එයින් තම අනාගතය අඳුරු වන්නට ඉඩ හැරියේ නැහැ. වයස අවුරුදු 20 වන විටදී ඔප්රා ප්‍රවෘත්ති ඉදිරිපත් කළ ලොව ප්‍රථම කළු නිවේදිකාව බවට ද පත් වුණා.

ලේඩි ගාගා ද අද වන විට ලොව පුරා ඉහළ රසික ප්‍රසාදයක් දිනා සිටින අමෙරිකානු ගායිකාවක්. ගීත රචිකාවක මෙන්ම නිළියක ලෙසින්ද ජනප්‍රිය ඇය වයස අවුරුදු 19දී සංගීත ආයතනයක් සමඟින් ගීත එකතුවක් කිරීමට අත්සන් තැබූවත් මාස තුනක් ගත වූ තැන එම ආයතනය විසින් එය ගිවිසුම අවලංගු කර දැමුවා. ඇයගේ ප්‍රථම ගීතය වුණේ The Fame. පසුව ඇයට බ්‍රිට්නි ස්පියර්ස් වැනි අයටත් ගීත රචනා කරමින් සංගීත ක්ෂේත්‍රයේ සාර්ථක වෙන්න හැකි වී තිබෙනවා.

මාවල් සිනමා විශ්වයේ හල්ක්ගේ චරිතයට පණ පොවමින් ජනප්‍රිය වූ මාර්ක් රුෆලෝ ද හොලිවුඩය ජය ගන්න සටනක් නොකළ අයෙක් නොවෙයි. තමාට නළුවකු වීමට දැඩි පොර බැදිමක නිරත වන්නට සිදු වීම ගැන ඩීටේල්ස් සඟරාවට ඔහු මෑතකදී පවසා තිබුණා. දිනක් තමා ලොස් ඇන්ජලීස්හි ඇවිද යන විට වයස අවුරුදු දහසයක් පමණ වයසැති තරුණයෙක් බීඑම්ඩබ්ලිව් මෝටර් රථයක් පදවා ගෙන යනු දැක මහත් ඊර්ෂ්‍යාවෙන් පෙළුණේ වයස අවුරුදු විසි හතක් වන මට තිබෙන්නේ මොනවාද යන්න සිතීමෙන් බව ඔහු එහිදී සඳහන් කළා. 49 වැනි වියේ පසුවන ඔහු දැන් හොලිවුඩයේ සාර්ථක නළුවන් අතරේ සිටිනවා.

ජෙනිෆර් ඇනිස්ටන් ලොවපුරා ජනප්‍රිය වුණේ Friends (1994–2004) රූපවාහිනි කතා මාලාවේ රේචෙල් ග්‍රීන් ලෙසින්. නමුත් රේචල්ගේ චරිතයට පෙර ඇය ද එතරම් ජයප්‍රිය තරුවක නොවුන බවයි පැවසෙන්නේ. ඇය දායක වූ රූපවාහිනි කතාමාලා හතරක්ම අසාර්ථක වූ පසු ජෙනිෆර් ද අද සිටින තත්ත්වයට පැමිණෙන්නේ ලොකු සටනක් දිනා ගෙනයි. "ඇත්තටම ඔබට සාර්ථක විය හැකි දැයි ? " යනුවෙන් 1994 වසරේදී අමෙරිකානු රූපවාහිනි නාලිකාවක් වන NBC හි ප්‍රධාන නිලධාරියකු විමසා සිටි බව ඇය නිරන්තරයෙන් සිහිපත් කරනවා.

හොලිවුඩයේ හාස්‍යෝත්පාදක නළුවන් ගැන කතා කරනවා නම් ජිම් කැරී එහි මුලින්ම සිහිපත් වෙන නමක්. නමුත් මේ තත්ත්වය ඔහුගේ නළු ජීවිතයේ මුල සිටම තිබුණු එකක් නම් නෙවෙයි. The Mask (1994),Dumb and Dumber  චිත්‍රපටවලට පෙර ඔහු වේදිකාවෙන් ඉවතට විසි වූ කෙනෙකු බව ඔබ නොදන්නවා විය යුතුයි. ඔහු තම මුල්ම හාස්‍ය රංගනය ඉදිරිපත් කර තිබෙන්නේ වයස අවුරුදු 15දීයි. එහිදී දරුණු ලෙස අසාර්ථක වූ ජිම් එයින් ලද පන්නරයෙන් ඉතා කැපවී මහන්සියෙන් ලද දියුණුව සමඟින් අද ලොව දිනන්නට සමත් වෙලා.

ඉන්ඩියානා ජෝන්ස්, හන් සෝලෝ, ජැක් රයන් චරිතවලට පණ පෙවු හැරිසන් ෆෝඩ් ගැන අසා නොමැති හොලිවුඩ් රසිකයෙක් නොමැති තරම්. නමුත් ඔහුහට තම නම ජනප්‍රියත්වය කරා ගෙන යාමට විශාල කාලයක් ගත වූ බව නම් පුදුමයට කරුණක්. මේ පිළිබඳ ඔහු ප්‍රසිද්ධියට පත් කළේ 2013 වසරේදීයි. හැරිසන් ෆෝඩ් 1964 වසරේදී හොලිවුඩයට පිවිසි අතර 1966 වසරේදී Dead Heat on a Merry-Go-Round චිත්‍රපටයට දායක වුණේ කුඩා චරිතයකට යි. ඔහුහට හොලිවුඩයේ නමක් හදා ගන්න වසර දහයක් පමණ ගත වූ බව පවසනවා. හැරිසන් ෆෝඩ් වෙත සාර්ථක්වය ගෙන ආවේ Star Wars චිත්‍රපට මාලාවේ ප්‍රථමයෙන් තිරගත වූ Star Wars : Episode IV – A New Hope  චිත්‍රපටයේ හන් සෝලෝගේ චරිතය යි.

සල්මා හයේක් හොලිවුඩයේ වඩාත් ජනප්‍රිය වන්නේ, නිරන්තරයෙන් තම සීමා තල්ලු කරමින් ඉදිරියට යන වර්ණවත් ගැහැනිය ලෙසින්. ඇයද ආරම්භයේදී චිත්‍රපටවලට ආරාධනා ලද අයකු වුණේ නැහැ. ඇය මෙක්සිකානු ජාතික නිළියක්. මෙක්සිකානු සිනමා නිර්මාණකරුවන් ඇය හඳුන්වා තිබුණේ කිසිම ප්‍රතිභාවක් නොමැති තැනැත්තියක ලෙසින්. හොලිවුඩයට පැමිණි පසුවද ආරම්භයේදී තම ගමන අපහසු එකක් වුවද එයම අභියෝගයක් කොට සැළකූ ඇය, තම සිනමා ගමනේ නොසැලී සිටියා. ඇය උපන් රට ඇයගේ දස්කම් හඳුනා නොගත්තද තමා සතු වූ දක්ෂතාවයෙන් වෙනත් රටකදී නැඟි සිටින්නට හැකි වූයේ, දැඩි අදිටනින් යුතුව වෙහෙස මහන්සි වී තම කටයුතුවල නිරත වූ නිසාවෙනි.

Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks

More News »