Home / හොලිවුඩ් ගොසිප් / හිත සුව පිණිස පච්චයක්


හිත සුව පිණිස පච්චයක්


2017-09-20 10:52:00       680
feature-top
පච්ච කොටා ඇති පුද්ගලයන් පිළිබඳව සමහරුන් තුළ ඇත්තේ ප්‍රසන්න හැඟීමක් නම් නොවෙයි. නමුත් එය ඇතැමුන්ට විලාසිතාවක්.

ජනප්‍රිය පොප් ගායක මයිකල් ජැක්සන්ගේ යොවුන් දියණිය, පැරිස් ජැක්සන් ද පච්චවලට කැමැති යුවතියක්. ඇගේ සිරුරේ විවිධාකාර පච්ච 50කට වැඩි ගණනක් සිතුවම් කරගෙන තිබෙනවා.

මේවා අතරින් සමහර පච්ච, තම ආදරණීය පියාණන්ට ගෞරවයක් ලෙස සිතුවම් කළ නිර්මාණයන් බවයි පැරිස් පවසන්නේ.

ඒ හැරුණු විට තවත් පච්ච කිහිපයක් සිතුවම් කරගෙන තිබෙනවා. ඒවා සිතුවම් කරගත්තේ ජනප්‍රිය නළුවකු වූ මැකියුලේ කුල්කින් (‘හෝම් අලෝන්’ චිත්‍රපටයේ රංගන ශිල්පියා) සමඟ බවයි පැරිස් තවදුරටත් පවසන්නේ.

මෑතකදී ඇය තවත් අලුත්ම පච්චයක් සිතුවම් කරගත්තා. එහි ඇතුළත් වන්නේ චක්‍ර හතක්ලු. ඒවා අධ්‍යාත්මය සුවපත් කරන පෙරදිග ආගම් කිහිපයක් සංකේතවත් කරන නිර්මාණයන් බවයි, පැරිස් පවසන්නේ.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »