Home / හොලිවුඩ් ගොසිප් / වසර ගණනක කඳුළු ගඟුලක්

වසර ගණනක කඳුළු ගඟුලක්

2017-09-19 10:26:00       676
feature-top
බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලී වෙන්වෙලා, මේ වන විට වසරක් ගෙවී ගිහින්. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී තමයි, බ්‍රැඩ් පිට් ගෙන් වෙන්වීමට නීති මාර්ගයට පිවිසීමට ඇන්ජලිනා තීරණය කළේ.

බ්‍රැඩ් පිට්, කලින් විවාහ වී සිටියේ ජනප්‍රිය නිළි ජෙනිෆර් ඇනිස්ටන් සමඟයි. ඇය හැර දැමූ බ්‍රැඩ් පිට්, ඇන්ජලිනා සමඟ පෙමින් බැඳුණා. දැන් තනිවී සිටින බ්‍රැඩ්ට ජෙනිෆර්ගේ අගය වැටහිලා. ඒ නිසාදෝ ඔහු පසුගියදා ඇයව හමුවුණා. ඒ හමුවීම අතිශය හැඟුම්බර මොහොතක් වූ බවයි දෙදෙනාගේම හිතවතුන් පැවසුවේ.

“බ්‍රැඩ්, එයාගෙ හිතේ තියෙන දුක බෙදාගන්නයි, ජෙනිෆර්ව මුණ ගැහුණේ. ජෙනීව හමුවුණු බ්‍රැඩ්, එයාගෙන් සමාව ඉල්ලුවා. සැමියකුගේ ආදරය අහිමි කිරීම වෙනුවෙන් තමයි බ්‍රැඩ්, ජෙනීගෙන් සමාව ඉල්ලුවේ. ඒ වෙලාවෙ තමන්ගෙ හි‍තේ තිබුණු දුක හංගාගෙන ඉන්න ජෙනීට බැරි වුණා. එයා අවුරුදු කීපයක් තිස්සේ හිත යට තෙරපාගෙන හිටපු දුක පිට කළේ බ්‍රැඩ් ඉදිරියේ හඬා වැටෙමින්.”

බ්‍රැඩ් සහ ජෙනිෆර්ගේ සමීපතමයකු එලෙස පැවසුවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »