Home / හොලිවුඩ් ගොසිප් / තනිවම දර්ශන රූගත කළ ෆ්‍රීඩ්කින්

තනිවම දර්ශන රූගත කළ ෆ්‍රීඩ්කින්

2017-09-18 09:56:00       675
feature-top
වැනිස් සිනමා උලෙළ පසුගියදා ඇරැඹුණා. එහිදී තිරගත වූ චිත්‍රපටයක් තමයි, ‘දි එක්සෝසිස්ට්’. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සිනමාකරුවකු වන විලියම් ෆ්‍රීඩ්කින්. ඔහු මේ වන විට 82 වැනි වියෙහි පසුවෙනවා. මේ චිත්‍රපටය රූගත කරද්දී ෆ්‍රීඩ්කින් මුහුණ දී ඇත්තේ දැඩි දුෂ්කරතාවලටයි. ඒවා සැබැවින්ම බියජනක වූ අත්දැකීම් යැයි මේ වයෝවෘද්ධ අධ්‍යක්ෂවරයා පවසනවා.

“කාන්තාවන් මුහුණ දෙන වේදනාත්මක අත්දැකීම් නිරූපණය කිරීමේදී මට බියක් දැනුණා. ‘මීළඟට මොනවා වේවි ද?’ වගේ සිතුවිලි ඇතිවුණා.” අධ්‍යක්ෂවරයා තුළ ජනිත වූ එවන් හැඟීම් තවත් විටෙක අමතක කරන්නට සමත් වූයේ ඇතැම් අවස්ථාවලදී දැඩි අපහසුතා මැද්දේ රූගත කිරීම් සිදු කරද්දීයි.

“සමහර දර්ශන මම රූගත කළේ කිසිම සහයකයකු නැතිව තනිවමයි. ඒ අවස්ථාවලදී මම පාවිච්චි කළේ පුංචි කැමරාවක්. නියම විදිහට ආලෝකයක්වත් තිබුණෙ නැහැ.” අධ්‍යක්ෂ ෆ්‍රීඩ්කින් එවැනි දුෂ්කර මොහොතක් එලෙස සිහිපත් කළා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »