Home / හොලිවුඩ් ගොසිප් / ගංවතුරට හොලිවුඩ් දයාව

ගංවතුරට හොලිවුඩ් දයාව

2017-09-16 09:36:00       673
feature-top
දහස් ගණනක ජනතාවකට සිය වාසස්ථාන අතහැර දමමින් දිවි බේරා ගන්නට සිදුවූ ඇමෙරිකාවේ ගංවතුර උවදුරේ උණුසුම තවමත් මැකී ගොස් නැහැ. ලොව බලවත්ම රට ලෙස නමක් දිනා සිටියත් මෙවැනි ආපදා අවස්ථාවලදී විපතට පත්වන ජනතාවට හදිසි සහන සැලසීමට එරට රජයට පමණක් හැකි වන්නේ නැහැ.

මේ බව හොඳින් දන්නා හොලිවුඩ්පුරය සිනමා නළු නිළියන් තම සහෝදර ජනතාවට පිහිට වෙන්නට පෙරමුණ ගෙන සිටිනවා. ඒ අතරින් මුල් තැන ගත්තේ සුපිරි නළු ලියනාඩෝ ඩි කැප්රියෝ. ඔහු යටතේ ක්‍රියාත්මක වන ලියනාඩෝ ඩි කැප්රියෝ පදනම තමයි, මේ ගංවතුරෙන් අනාථ වූවනට මුල්ම මූල්‍ය පරිත්‍යාගය ලබා දුන්නේ. එය, ඇමෙරිකානු ඩොලර් බිලියනයක්.

මෙවැනි ආධාරයක් ලබාදීම පිළිබඳව ඇමෙරිකාවේ ස්වෙච්ඡා සංවිධාන ලියනාඩෝට ප්‍රශංසාව පුද කළා.

මේ අතර, ජනප්‍රිය නිළි සැන්ඩ්‍රා බුලොක් ද ඩොලර් මිලියනයක් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළා. සුපිරි නිරූපිකා කිම් කර්ඩාෂියන් ද ඇමෙරිකානු රතු කුරුස සංවිධානයට ඩොලර් ලක්ෂ 5ක් පරිත්‍යාග කළ බවයි වාර්තා වෙන්නෙ.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »