Home / හොලිවුඩ් ගොසිප් / ගායක කෙන්ඩ්‍රික් ලමාර් ජය කෙහෙළි නංවයි

ගායක කෙන්ඩ්‍රික් ලමාර් ජය කෙහෙළි නංවයි

2017-09-14 10:42:00       680
feature-top
සුපිරි තලයේ වැජඹෙන ජනප්‍රිය ගායක ගායිකාවන් සම්මානයෙන් පිදුම් ලබන එම්. ටී. වී. සංගීත උලෙළ පසුගියදා ලොස් ඇන්ජලීස් නුවර වර්ණවත් කළා.

ගායන ලොව දිදුළන තරු රැසක්ම එකට එක්වූ මේ උලෙළේ බල පරාක්‍රමය විහිදුවාලන්නට සමත් වූයේ ජනප්‍රිය ගායක කෙන්ඩ්‍රික් ලමාර්.

වසරේ හොඳම වීඩියෝ වට හිමිවන ප්‍රධානතම සම්මානය ඇතුළු තවත් සම්මාන හයක්ම දිනාගන්නට මේ සුපිරි ගායන ශිල්පියා සමත් වූවා. ඔහු ගැයූ ‘හම්බිල්’ නම්වූ ගීතය ඇතුළත් වීඩියෝ වටයි, වසරේ හොඳම වීඩියෝවට හිමි වන සම්මානය දිනා ගත්තේ.

ගීත රචක එඩ් ශීරාන්, වසරේ හොඳම කලාකරුවා ලෙස සම්මාන ලැබුවා. රැප් ගායකයෙකු වන ඛාලිඩ්, වසරේ නවක තරුවට හිමි වන සම්මානයෙන් පිදුම් ලැබුවා.

‘ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ඩාකර්’ චිත්‍රපටයට සායන් සහ ටේලර් ස්විෆ්ට් ගැයූ ‘අයි ඩෝන්ට් වොනා ලිව් ෆෝඑවර්’ ගීතය වෙනුවෙන් ඔවුන් දෙදෙනා වසරේ හොඳම සුසංයෝගී නිර්මාණයට හිමි වන සම්මානය දිනා ගත්තා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »