Home / හොලිවුඩ් ගොසිප් / ‘ඇබා’ ස්වර රටා යළි පණ ලබයි

‘ඇබා’ ස්වර රටා යළි පණ ලබයි

2017-09-08 10:20:00       671
feature-top
’70 දශකයේදී ඉමහත් ජනප්‍රියත්වයක් ලද ‘ඇබා’ සංගීත කණ්ඩායමේ මියුරු ස්වර රටාවන් යළි ජීවය ලබන්නටයි දැන් සූදානම් වන්නේ. ‘ඇබා’ සංගීත කණ්ඩායම එදා ගැයූ මන පිනවන ජනප්‍රිය ගීත රැසක් පියානෝ වාදන ලෙසින් යළි රසික කැල වෙත ළඟදීම එළිදක්වන්නයි සූදානම.

මේ සොඳුරු නිර්මාණ කාර්යය ගෙන එන්නේ ‘ඇබා’ කණ්ඩායමේ ගීතවල තනු නිර්මාණය කළ, එම ගීත රචනා කළ බෙනී ඇන්ඩර්සන්. ඔහු විසින් වාදනය කරන ලද ‘ඇබා’ ගීතවල පියානෝ අනුවාදන ඇතුළත් ගීත ඇල්බමය නම් කර ඇත්තේ ‘බෙනී ඇන්ඩර්සන් - පියානෝ’ යනුවෙන්. මෙහි අනුවාදන 22ක් ඇතුළත් කර තිබෙනවා. ‘තෑන්ක් යූ ෆෝ ද මියුසික්’, ‘චිකිටීටා’, ‘අයි හැව් අ ඩ්‍රීම්’,

‘ඩාන්සින් ක්වීන්’ ඇතුළු ‘ඇබා’ කණ්ඩායම ගැයූ මියුරු ජනප්‍රිය ගීතවල අනුවාදන මෙම ගී තැටියට ඇතුළත් වී ඇති බවයි පැවසෙන්නේ. ‘ඇබා’ සංගීත කණ්ඩායම වෙන් වූයේ 1982 දීයි. ‘බෙනී ඇන්ඩර්සන් - පියානෝ’ ගීත ඇල්බමය සැප්තැම්බර් 29 දා නිකුත් වීමට නියමිතයි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »