Home / හොලිවුඩ් ගොසිප් / ත්‍රාසජනක ටොම් කෲස්

ත්‍රාසජනක ටොම් කෲස්

2017-09-07 10:32:00       673
feature-top
‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාවට ප්‍රේක්ෂකයන් වෙතින් කවදත් ලැබුණේ උණුසුම් ප්‍රතිචාර. ඒ නිසයි ‘මිෂන් ඉම්පොසිබල් - 6’ ලෙසින් තවත් චිත්‍රපටයක් මේ දිනවල රූගත වෙමින් පවතින්නේ. පසුගියදා මෙහි රූගත කිරීම් මඳකට නතර කරන්නට සිදු වුණා.

එයට හේතුව, මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ටොම් කෲස් හදිසි අනතුරකට ලක්වීමයි. එක්තරා ත්‍රාසජනක දර්ශනයක් නිරූපණය කරද්දී ඔහුගේ පාදයක වළලුකර ආබාධයකට ලක්වෙලා. ටොම්ව පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහුට ප්‍රතිකාර ලබාදීමෙන් පසුව පවසා ඇත්තේ කිහිප දිනක් ගතවන තුරු විවේකීව සිටින ලෙසයි.

මේ හේතුවෙන් ඔහුට සම්පූර්ණ සුවය ලැබෙන තුරු ‘මිෂන් ඉම්පොසිබල් - 6’ චිත්‍රපටයේ රූගත කිරීම් නවතා දමා තිබෙනවා.

චිත්‍රපටවල ත්‍රාසජනක දර්ශනවලට ස්ටන්ට් නළුවන් යොදාගන්නේ නැතිව. එම දර්ශනවල තමන්ම රඟපාන්නට තමයි, ටොම් වඩාත්ම කැමැති. එවැනි රංගනයක යෙදී සිටිද්දීයි ඔහුගේ පාදය ආබාධයට ලක්වී ඇත්තේ. මේ අනතුර සිදුවීමට පෙර ඔහු මේ චිත්‍රපටයේම ත්‍රාසජනක දර්ශන දෙකක රඟපෑවා.

පැරිස් නගරයේදී රූගත වූ එයින් එක් දර්ශනයක ඔහු මෝටර් රථයක් තුළට යතුරුපැදියක් ධාවනය කරන අවස්ථාවක් නිරූපණය කළා. අනෙක් දර්ශනයේදී ඔහු නිරූපණය කළේ පැරෂුටයකින් පොළොවට පැමිණෙන අවස්ථාවක්.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »