Home / හොලිවුඩ් ගොසිප් / රූපයෙන් රංගනයෙන් සුවඳවත් වන ‘රෝස කුසුම’


රූපයෙන් රංගනයෙන් සුවඳවත් වන ‘රෝස කුසුම’


2017-09-06 10:59:00       671
feature-top
ඇය, රෝස කුසුමක් මෙන් පියකරුයි. ඒ නිසයි ඇයව හොලිවුඩ් සිනමා ලෝකයේදී ‘An English Rose’ ලෙස හඳුන්වන්නේ. තඹ පැහැ කේශ කල්‍යාණයකින් සහ නිල්වන් නෙත් සඟලකින් දීප්තිමත් වූ ඇගේ රුව රසික සිත් ආකර්ෂණය කරගන්නට සමත් වෙලා.

මේ සුරූපිනිය තමයි, ඇනැබල් වොලිස්. බටහිර සිනමා ලොව ප්‍රවීණ රංගන ශිල්පියකු වන අයිරිෂ් ජාතික සර් රිචඩ් හැරිස් ඇගේ මාමා කෙනෙක්. (සුප්‍රකට ‘හැරී පොටර්’ චිත්‍රපට මාලාවේ ඇල්බස් ඩබ්බල්ඩෝගේ චරිතය නිරූපණය කළේ සර් රිචඩ් හැරිස්.)

දැන් තිරගත වන ‘ඇනැබල්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් රසික පරපුරේ ප්‍රසාදය දිනා ගන්නට ඇනැබල් වොලිස් සමත්ව සිටිනවා. 1984 සැප්තැම්බර් 25 දා උපන් ඇනැබල්, සිනමා රංගනයට පිවිසුණේ 2000 වසරේදීයි. කාටුන් චිත්‍ර කතාවලින් නිර්මාණය කළ චිත්‍රපටවල මෙන්ම ඓතිහාසික කතා පුවත් රැගත් චිත්‍රපටවල රංගනයෙන් ද තම කුසලතා මතු කළ ඇනැබල්ට පැහැදිලි අනාගතයක් ඇති බවයි සිනමා විචාරකයන් පවසන්නේ.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »