Home / හොලිවුඩ් ගොසිප් / රජ කුමාරවරු රංගනයට

රජ කුමාරවරු රංගනයට

2017-09-04 10:21:00       674
feature-top
ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවේ මීළඟ නිර්මාණය ‘ස්ටාර් වෝස් : ද ලාස්ට් ජෙඩි’. මේ චිත්‍රපට මාලාවේ රඟපෑ ජෝන් බොයේගා ද තමන්ට සුපුරුදු ‘‍ෆින්’ගේ චරිතය යළි රඟපානවා.

මෙහි රංගනයට එක්වන තවත් විශේෂ අමුත්තන් දෙදෙනෙකු ද සිටිනවා. ඔවුන් දෙදෙනා තමයි, බ්‍රිතාන්‍ය රජ පවුලේ විලියම් සහ හැරී කුමාරවරු. මෑතකදී ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ජෝන් බොයේගා මේ ගැන කතා කළේ ලොකු ආඩම්බරයකින්. ඔටුන්න හිමි රජ කුමරුන් දෙදෙනා මේ චිත්‍රපටයේ ආරාධිත රංගනයක් ඉදිරිපත් කරන බවයි, ජෝන් බොයේගා පැවසුවේ.

“මේක රහසක් හැටියට තියා ගන්නයි අපි උත්සාහ කළේ.

ඒත් දැන් ඒක හෙළි වෙලා. විලියම් කුමරු සහ හැරී කුමරු ‘ස්ටාර් වෝස් : ද ලාස්ට් ජෙඩි’ චිත්‍රපටය රූගත කිරීම් සිදුකළ දර්ශන තලයකට ආවා.” ජෝන් බොයේගා හෙළි වූ රහස තහවුරු කළා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »