Home / හොලිවුඩ් ගොසිප් / දෙවැන්න පළමුවැන්න වෙන හැඩ


දෙවැන්න පළමුවැන්න වෙන හැඩ


2017-08-29 10:39:00       675
feature-top
ජනප්‍රිය ගායකයකු වන පීටර් ඇන්ඩ්‍රේ සිනමා ලෝකයට ද පා තබා සිටින බවයි හොලිවුඩ් පුවත් වාර්තා කරන්නේ. ඔහුගේ කුලුඳුල් රංගනය ඇතුළත් වන්නේ ජේම්ස් ඩී. ආර්. හිකොක්ස් අධ්‍යක්ෂණය කළ ‘ද අන්ඩුයින්’ චිත්‍රපටයේ. මේ සිනමා නිර්මාණය රූගත කිරීමටත් කලින් පීටර් ඇන්ඩ්‍රේට තවත් චිත්‍රපටයක රඟපාන්නට ඇරයුම් ලැබිලා. ‘ද අන්ඩුයින්’ චිත්‍රපටයට පාදක වන්නේ අද්භූත සහ බියකරු සිදුවීම් මුසු වූ කතාවක්. ඔහුට රඟපාන්නට ලැබුණු දෙවැනි චිත්‍රපටය ඊට වඩා වෙනස් කතාවක් රැගත් නිර්මාණයක්. එය අධ්‍යක්ෂණය කරන්නේත් ඩී. ආර්. හිකොක්ස්මයි.

“දෙවැනි චිත්‍රපටයේ තිර රචනය කියවන්නත් ලැබුණා. ඒක ‘ද අන්ඩුයින්’ චිත්‍රපටයට වඩා ගොඩක් වෙනස්. ලබන ඔක්තෝබරයේදී ලොස් ඇන්ජලීස් නුවර දී මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වේවි.

මගේ හොඳම මිතුරා ජේම්ස් හිකොක්ස් මට හොඳ සහයෝගයක් ලබා දෙන බව සඳහන් කරන්න ඕනෙ. සමහර විට මට ලැබුණු ඔහුගේ ‘ද අන්ඩුයින්’ චිත්‍රපටයට කලින් මේ චිත්‍රපටයේ වැඩ අවසන් වේවි.” පීටර් ඇන්ඩ්‍රේ පැවසුවා

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »