Home / හොලිවුඩ් ගොසිප් / දැවැන්තයන් දෙදෙනා එකම චිත්‍රපටයක


දැවැන්තයන් දෙදෙනා එකම චිත්‍රපටයක


2017-06-02 10:52:00       675
feature-top
සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රවීණ නළුවෙකු වුණත් ජැකී චෑන් නම්වූ ප්‍රවීණ නළුවාත් සමඟ එකම චිත්‍රපටයක රඟපාන්නට එක්වුණේ මඳක් දුර කල්පනා කර බැලීමෙන් පසුවයි. ආඩම්බරකමක් නිසා නොවෙයි. ජැකී චෑන්ට තිබෙන ගෞරවය නිසයි. ස්ටැලෝන් මෑතකදී පැවසුවේ ජැකී චෑන් සමඟ චිත්‍රපටයක රඟපාන්නට ඇරයුම් ලබද්දී තමන් තුළ කිසියම් තිගැස්මක් ඇතිවුණා ය කියලයි. පුළුල් තිරයේ දැවැන්තයන් දෙදෙනා මෙලෙස එකට චරිත නිරූපණය කරන්නේ ‘එක්ස් - බැග්ඩෑඩ්’ නම්වූ ක්‍රියාදාම චිත්‍රපටයේයි. “මේ චිත්‍රපටයේ ජැකී චෑන් කියන බලවත්, එඩිතර සටන් නළුවා එක්ක රඟපාන්න දර්ශන තලයට යද්දි මට දැනුණේ ලොකු සතුටක්. ඒ දිනය මට අමතක වෙන්නෙ නැහැ.” ස්ටැලෝන් පැවසුවේ උද්දාමයකින්. මීට කලින් ඔහු ජැකී චෑන් සමඟ ‘බියුරා හොලිවුඩ් බියුරා’ නම්වූ චිත්‍රපටයේද රඟපා තිබෙනවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »