Home / හොලිවුඩ් ගොසිප් / ‘හැක්’ වූ අයට වන්දි මුදල්


‘හැක්’ වූ අයට වන්දි මුදල්


2017-06-01 10:58:00       675
feature-top
ජනප්‍රිය නිළි එලිසබෙත් හර්ලේ පසුගියදා නඩුවකින් ජය හිමි කර ගත්තා. මේ නඩුව ඇය පවරා තිබුණේ එංගලන්තයේ මිරර් ගෲප් නිව්ස් පේපර්ස් පුවත්පත් ආයතනයට එරෙහිවයි. එම ආයතනය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘ඩේලි මිරර්’ පුවත්පත 1998 ජුලි මස සිට 2007 මාර්තු මස දක්වා පළ කළ ලිපි රැසකින්ම තමන්ට අපහාසයක් සිදුවිණැයි ඇය උසාවිය හමුවේ ප්‍රකාශ කළා. එම නඩු විභාගයේදී මේ සුරූපී නිළිය එවැනි ලිපි 58ක් ඉදිරිපත් කර තිබුණා. ඇය තවදුරටත් ප්‍රකාශ කළේ මිරර් ගෲප් පුවත්පත් ආයතනය තම දුරකථනයට රහසින් සවන් දී ලබාගත් තොරතුරු එම ලිපිවලට ඇතුළත් කර ඇති බවයි.

තීන්දුව ප්‍රකාශයට පත් කළ අධිකරණය මිරර් ගෲප් ආයතනයට නියෝග කළේ එලිසබෙත් හර්ලේට පවුම් 2,60,250ක වන්දියක් ගෙවන ලෙසයි. කෙසේ වෙතත්, එලිසබෙත්ගේ නීතිඥයන් පැවසුවේ තම සේවාදායිකාව මෙම වන්දි මුදල මෙවැනි අකටයුතුකම්වලට ගොදුරු වන්නන්ගේ යහපත පිණිස ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බවයි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »