Home / හොලිවුඩ් ගොසිප් / බ්‍රිට්නිගේ තුන්වැනි විවාහය?


බ්‍රිට්නිගේ තුන්වැනි විවාහය?


2017-05-31 09:05:00       674
feature-top
ජනප්‍රිය ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් සහ සෑම් අස්ගාරි නිතර නිතරම හමුවන බවට ආරංචි පසුගිය සති කිහිපය තුළ ලොව පුරා පැතිරී ගියා. කවුරුත් හිතුවේ ඔවුන් දෙදෙනා එකිනෙකා හඳුනන නිසා කතාබහ කරනවා කියලයි. නමුත් පසුගිය සතියේ හොලිවුඩ් ආරංචිවල සටහන් වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. බ්‍රිට්නි සහ සෑම් රහසේම විවාහ වෙලාලු. මෙය සිදුවී දැනට සති දෙක තුනක් ගතවී ඇති බවයි දන්නා කියන උදවිය මාධ්‍යවලට ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර සමහරු ප්‍රකාශ කර තිබුණේ මීට වඩා වෙනස් දෙයක්. “හොර රහසේම කසාද බැන්දා කියල ප්‍රචාරය කරල තියෙන්නේ රසිකයන්ගේ අවධානය බ්‍රිට්නිට යොමු කරවා ගන්න ද දන්නෙත් නැහැ. දැනට නම් පෙනෙන්නෙ බ්‍රිට්නි හරිම සතුටින් ඉන්නව කියලයි.” බ්‍රිට්නිට සමීප අයකු එලෙස කියා තිබුණා.

බ්‍රිට්නි මෙවර විවාහ වුණ බව ඇත්තක් නම් මේ ඇයගේ තුන්වැනි විවාහයයි. මින් පෙර විවාහයකින් ඇයට දරුවන් සිටිනවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »