Home / හොලිවුඩ් ගොසිප් / ලේඩි ගාගා ගෙන් ‘ඇප්’ එකක්


ලේඩි ගාගා ගෙන් ‘ඇප්’ එකක්


2017-05-30 09:22:00       674
feature-top
සුපිරි ගායිකා ලේඩි ගාගා වරින් වර අලුත් වෙමින් රසික රසිකාවියන් හමුවට පැමිණෙන තරුවක්. පසුගිය සතියේ ඇය ‘ගාගා මෝජි’ යනුවෙන් නම් කෙරුණු විශේෂ පින්තූර එකතුවක් රැගත් ‘ඇප්’ එකක් නිකුත් කළා. මෙහි විවිධ මාදිලියේ සජීවිකරණ රූප ඇතුළත් වෙනවා. රසික පිරිසට මේවා තම ‘අයිෆෝන්’ සඳහා භාවිත කරමින් පණිවිඩ යැවීමට හැකි බවයි ලේඩි ගාගා පවසන්නේ. ලොව පුරා විසිරී සිටින මිලියන ගණනක ලේඩි ගාගා ප්‍රිය කරන රසික පිරිසට මේ ‘ඇප්’ එක භාවිත කළ හැකි යැයි මෙහි සඳහන් වී තිබෙනවා.

“අපි මේ සජීවී පින්තූර එකතුව පහුගිය මාස 6ක කාලයක් තුළ ලේඩි ගාගා සහ ඇගේ සහායක පිරිසක් එක්ක එකතු වෙලා නිර්මාණය කළා. ඒක සුන්දර අත්දැකීමක්.” රූප එකතුව නිර්මාණය කළ පරිගණක ආයතනයේ නිර්මාතෘ විවියන් රොසෙන්තල් ප්‍රකාශ කළා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »