Home / හොලිවුඩ් ගොසිප් / කාන්ස් උලෙළට ට්‍රම්ප් වතගොත


කාන්ස් උලෙළට ට්‍රම්ප් වතගොත


2017-05-29 11:07:00       673
feature-top
පෙර නොවූ විරූ දැඩි ආරක්ෂක රැකවරණ මැද මෙවර කාන්ස් චිත්‍රපට උලෙළ පැවැත්වුණා. ඒ සමඟම කාන්ස් උලෙළට වසර 70ක් සපිරුණා.

හොලිවුඩ් පුරයෙන් වෙනදා මෙන්ම මෙදාත් සුපිරි සිනමා තරු රැසක්ම මේ උලෙළට සහභාගි වී සිටියා. ඔවුන් අතරින් කැපී පෙනුණේ ක්ලින්ට් ඊස්ට්වුඩ්, විල් ස්මිත් සහ නිකොලි කිඩ්මාන් යන අතිශය ජනප්‍රිය අංක එකේ සිනමා තරු පිරිවරයි.

හොලිවුඩයෙන් එක්වූ එක්තරා වාර්තා චිත්‍රපටයක් ද සමඟයි, මේ නළු නිළි කැල පැමිණ සිටියේ. එය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ වාර්තා චිත්‍රපටයක්. එහි අධ්‍යක්ෂවරයා මයිකල් මුවර්. කාන්ස් චිත්‍රපට උලෙළ ඇරැඹීමට කලින් මාධ්‍යවලට විශේෂ ප්‍රකාශයක් කළ ප්‍රවීණ සිනමාකරු රොබට් ඩි නිරෝ, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළා. ඇමෙරිකාවේ ලින්කන් මධ්‍යස්ථානයේ පැවැති ගෞරව සම්මාන පිරිනැමීමේ උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් ඇමතූ රොබට් ඩි නිරෝ පැවසුවේ ඇමෙරිකානු ජනාධිපතිවරයා කලාකරුවන් අමතක කර ඇති බවයි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »