Home / හොලිවුඩ් ගොසිප් / ජස්ටින් බීබර් බොලිවුඩයේ


ජස්ටින් බීබර් බොලිවුඩයේ


2017-05-18 09:51:00       674
feature-top
පසුගිය මැයි 10 වැනිදා මුම්බායිහි පටිල් ක්‍රීඩාංගනය පිරිඉතිරි ගියේ බටහිර සංගීත ලෝලීන්ගෙන්. ජනප්‍රිය බොලිවුඩ් තරු රැසකුත් මේ අතර සිටියා. ඒ කැනේඩියානු පොප් ගායන ශිල්පී ජස්ටින් බීබර්ගේ සංගීත ප්‍රසංගය නැරඹීම වෙනුවෙන්. ජස්ටින් බීබර් තම 'පර්පස් ලෝක සංචාරය' සමඟින් ඉන්දියාවට පැමිණියේ ආසියාතින රසික රසිකාවන් වෙනුවෙන්.

හැබැයි පිරිසක් එය අගය කළත් බොහෝ දෙනෙකුගේ චෝදනාවට ලක් වුණා. ඒ බීබර්ගේ ගීත සජීව ලෙසින් ශ්‍රවනය කරන්නට නොලැබීම හේතුවෙන්. ඇතැම් අය නම් පවසන්නේ ඔහු ගීතය ප්‍රචාරය කෙරෙන විට කට හොල්ලන්නේවත් නොමැතිව සිටි අවස්ථාද තිබුණු බවයි. ඒ වෙනුවෙන් ඔවුන් සමාජ ජාලා වෙබ්අඩවි වල බීබර්ට සෑහෙන්න දොස් පවරා තිබුණා.

ශ්‍රී දේවි, ආලියා භාත්, රවීනා තන්දන්, අයාන් මුඛර්ජි, අනු මලික්, රෙමෝ දී සූසා, ජැක්ලීන් ෆර්නැන්ඩ්ස්, මලයිකා අරෝරා වැනි බොලිවුඩ් තරු රැසක් මෙම ප්‍රසංගය නරඹන්න පැමිණ සිටියා. මේ අතරේ බොලිවුඩ් නළු අර්ජුන් රාම්පාල් ඡායාරූප ශිල්පීන් අතර ඇති වූ ගැටුමක් ගැනත් වාර්තා වෙනවා. තම දියණියන් දෙදෙනාගේ ඡායාරූප අනවශ්‍ය ලෙසින් ගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ඡායාරූප ශිල්පියෙකු තල්ලුකර දැමීම සම්බන්ධයෙන් වන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කර සිටිනවා.

Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks

More News »