Home / හොලිවුඩ් ගොසිප් / අසාමාන්‍ය නම‍ බෙයා පානේ

අසාමාන්‍ය නම‍ බෙයා පානේ

2017-05-16 10:10:00       673
feature-top
චෙරිල් සහ ලියම් පානේ මවුපිය පදවිය ලබන්නට වාසනාවන්ත වෙලා. මේ යුවළ කවුරුන්දැයි ඔබ දන්නවා. චෙරිල්ට වඩා කවුරුත් හොඳින් හඳුනන්නේ ලියම් පානේවයි. ඔහු, ලෝක ප්‍රකට ‘වන් ඩිරෙක්ෂන්’ ගායක කණ්ඩායමේ ගායකයෙක්. චෙරිල්ට ලැබුණේ පුතෙක්. ඔහුට තබා ඇති නම අසාමාන්‍ය නමක් යැයි ඔබට සිතේවි. මේ බිලිඳු පුතුගේ නම ‘බෙයා.’ පුතුගේ නමට තාත්තාගේ වාසගම එක්වූ විට සඳහන් වන සම්පූර්ණ නම තමයි, බෙයා පානේ.

ලියම් සහ චෙරිල්ට සමීප හිතවතකු පැවසුවේ පුංචි පුතා මෙලොව එළිය දුටු දා පටන් ඔවුන් දෙදෙනා නිම්හිම් නැති සතුටකින් පසුවන බවයි. ජනප්‍රිය නිළියන් දෙදෙනකු වන කේට් වින්ස්ලට් සහ අලිෂියා සිල්වර්ස්ටෝන් ද තම පුතුන් දෙදෙනාට තබා ඇත්තේ බෙයා යන නමයි. ඒ නිසා වෙන්න ඇති, ලියම් - චෙරිල් යුවළත් තම කුලුඳුල් පුතුට ඒ නම තබන්න ඇත්තේ. ජනප්‍රිය ගායිකාවක, නර්තන ශිල්පිනියක සහ රූපවාහිනී නිවේදිකාවක වන චෙරිල් ඈන් ෆර්නැන්ඩස්ට ලියම් පානේව හමු වුණේ 2016 දී. මේ වසරේ ජනවාරියේදීයි ලියම් ප්‍රසිද්ධියේ කියා සිටියේ, චෙරිල් දරුවකු කුස දරා සිටින බව.

ටොම්ගේ කැමරාවක් නැති ‘ඇක්ෂන්’ එක

සිනමා ලොව ත්‍රාසජනක දර්ශනවල රඟපෑ ජනප්‍රිය නළු ටොම් හාඩි පසුගියදා මහමඟ, අතුරු මාවත්වල සහ උද්‍යාන හරහා දිව ගියේ විදුලි වේගයෙන්. ඒ, තවත් ත්‍රාසජනක චිත්‍රපටයක රඟපාමින් නොවෙයි. මෝටර් සයිකලයක් ලුහුබඳිමින්. මෝටර් සයිකලයේ සිටියේ තරුණයන් දෙදෙනෙක්. ඔවුන් එය පැහැරගෙන යමින් සිටි නිසයි, ටොම් හාඩි එය ලුහු බැන්දේ. එක් අවස්ථාවකදී මේ කොල්ලකරුවන් දෙදෙනා මන්සන්ධියකදී සංඥා එළි නොතකමින් මෝටර් සයිකලය ධාවනය කළේ අතිශය අනතුරුදායකවයි. කොහොම වෙතත්, මේ කොල්ලකරුවන් දෙදෙනාව අල්ලා ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියට භාර දෙන්නට ටොම්ට හැකි වුණා. ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය පැවසුවේ අත්අඩංගුවට පත්වන විට කොල්ලකරුවන් දෙදෙනාට තුවාල සිදුවී තිබූ බවයි. එවැනි හපන්කමක් කළ ටොම් හාඩි රඟපෑ අලුත්ම චිත්‍රපටය ජූලි 21 දා තිරගත වීමට නියමිතයි. චිත්‍රපටයේ නම, ‘ඩන්කර්ක්.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »