Home / හොලිවුඩ් ගොසිප් / රිහානා, මහ රැජිනව අන්දලා

රිහානා, මහ රැජිනව අන්දලා

2017-05-12 09:34:00       675
feature-top
මෝස්තර නිරූපණ කලාවේ රැජනක් හැටියටයි, සුපිරි ගායිකා රිහානා ව හඳුන්වන්නේ. ඇය ඡායාරූපවලට වරින්වර පෙනී සිටින්නේ එකිනෙකට වෙනස් ඇඳුම් ඇඟලාගෙනයි. රිහානා තවමත් තරුණ වයසේ සිටින නිසා නානාප්‍රකාර මෝස්තර වලින් පෙනී සිටීමේ වරදක් කියන්න බැහැ. නමුත්, තමන්ගේ ඇඳුම් වෙනත් අයට විශේෂයෙන් ම, ගෞරවනීයත්වයෙන් පිදුම් ලබන රාජකීය චරිතවලට ඇන්දවීම සුදුසුද? සමහරු මේ ප්‍රශ්නය අහන්නේ රිහානා මෑතකදී සිදු කළ ‘බෙල්ල ගහලා යන’ තාලයේ වැඩක් කළ නිසා.

තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවට මහා බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජන ගේ පින්තූර කිහිපයක් ඇතුළත් කරලා. මේවා නිකම්ම ඡායාරූප නොවෙයි. ඒවා ‘ෆොටෝෂොප්’ කළ අරුම පුදුම ඡායාරූප. විවිධ අවස්ථාවලදී නොයෙකුත් විච්චූරන ඇඳුම් ඇඳගෙන ගත් ඡායාරූපවල තමන්ගේ මුහුණ ඉවත් කළ රිහානා, ඒ වෙනුවට මහ රැජනගේ මුහුණ යොදලා! මේ ඇතැම් ඡායාරූපවල රිහානාගේ සිරුර නිරාවරණය වූ අවස්ථාවනුත් තිබෙනවා. මේ ඡායාරූප ‍වෙනුවෙන් රිහානාට කෙබඳු ප්‍රතිචාර ලැබුණා දැයි මෙතෙක් දැන ගන්නට නැහැ.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »