Home / හොලිවුඩ් ගොසිප් / 18 පිරෙන තුරු බලා සිටින බෙන්


18 පිරෙන තුරු බලා සිටින බෙන්


2017-05-09 09:52:00       674
feature-top
බෙන් ඇෆ්ලෙක් නොහඳුනන හොලිවුඩ් චිත්‍රපට රසිකයෙක්, රසිකාවියක් ඇත්තේ නැහැ. මේ ජනප්‍රිය නළුවා සමඟ විවාහ වී සිටියේ ජනප්‍රිය නිළි ජෙනිෆර් ගානර්. ඇය දැන් ඇෆ්ලෙක් වෙතින් වෙන්වී සිටියත් දෙදෙනාගේ දරුවන් තිදෙනාට තවමත් ඔහුගේ නොමඳ සෙනෙහස ලැබෙනවා.

මේ දරුවන්ගෙන් වැඩිමලී 11 වියැති වයලට්. දෙවැන්නිය, 8 හැවිරිදි සෙරෆිනා. යාලයා 5 හැවිරිදි සැමුවෙල්. ඇෆ්ලෙක් මෑතකදී ප්‍රකාශ කළේ මේ දරුවන් තිදෙනා චිත්‍රපට ලෝකයට තල්ලු කරන්නට තමන් තුළ කිසිදු අදහසක් නොමැති බවයි. “මම චිත්‍රපටවල රඟපාන්න ආවෙ පුංචි කාලෙදි.

ඒත් මගේ දරුවන් ව රඟපාන්න යන්න ය කියල බල කරන්න මට බැහැ. ඒ තුන්දෙනාට අවුරුදු 18 වෙනතුරු මට ඒක කියන්න බැහැ. ඒ වයසට ආවායින් පස්සෙ නම් සිනමාවට එකතුවෙනවද නැද්ද කියල ඒ අයම තීරණය කරාවි.” ඇෆ්ලෙක් පැවසුවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »