Home / හොලිවුඩ් ගොසිප් / වොෂ්රූම් ගියාට තෑග්ගක්


වොෂ්රූම් ගියාට තෑග්ගක්


2017-05-08 09:18:00       675
feature-top
පසුගිය සතියේ එක්තරා සන්ධ්‍යාවක ඇමරිකාවේ පෝට්රේට් පාක් හි පිහිටි ගෘහ භාණ්ඩ පිරුණු තොග ගබඩාවකට හදිසියේ ම ගොඩ වැදුණේ සුරූපි කාන්තාවක්. ඇය ව්‍යායාම් (Jogging) කරමින් ඇවිදිමින් සිටි කෙනකු බව ඒ මොහොතේ ගබඩාවේ සේවය කරමින් සිටි ලිපිකාරිනියකට වැටහුණා. මේ ලිපිකාරිනිය වෙතට ගිය සුරූපී කාන්තාව ඇගෙන් ඉල්ලීමක් කළා. “කරුණාකරලා මට වොෂ්රූම් එකට යන්න ඉඩ දෙනවද? මේ ඉල්ලීමට ඉඩ දුන් ලිපිකාරිණිය ඇයව නාන කාමරය වෙත යොමු කළා.

මඳ වේලාවකින් පිටතට පැමිණි කාන්තාව දුටුවේ එහි තිබෙන විවිධාකාර මෙට්ට වර්ගයි. “ඔයා කැමැති මොන වගේ මෙට්ට්‍රස් එකකට ද” ඇය ලිපිකාරිනියගෙන් ඇසුවා. ප්‍රශ්නයෙන් අන්ද මන්ද වූ ලිපිකාරිනිය, වටිනා මෙට්ටයක් පෙන්වූයේ ඕනෑවට එපාවටයි. “මම පෙන්නුවෙ ඩොලර් 2000 ක් වටිනා මෙට්ටයක්. ඒ ගමන එයා කිව්වෙ නැතැයි, ඒක මට තෑගි කරනවා කියලා! මට මුකුත් හිතාගන්න බැරිවුණා.

ඇත්තට ම එයා ඒකට සල්ලි ගෙවලා මට තෑගි කළා. සල්ලි ගෙව්වෙ කාඩ් එකෙන් නිසා ඒකෙ තිබුණු එයාගෙ නම දැකල මට පොඩි සැකයක් ඇතිවුණා. එයාගෙ නම ඇමී ෂුමර්. පස්සෙ මම මේ නම, නෙට් එකෙන් සර්ච් කළා. හැබෑ නේන්නම්! මට මෙට්ටය තෑගි කරලා තියෙන්නෙ ජනප්‍රිය නිළි ඇමී ෂුමර්. එයාට වොෂ් රූම් යන්න ඉඩදීපු නිසයි මට ඒ තෑග්ග දීල තියෙන්නෙ.” මවිත වූ ලිපිකාරිනිය පැවසුවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »