Home / හොලිවුඩ් ගොසිප් /  ජොනි ඩෙප් ඩිස්නිලන්තයට


 ජොනි ඩෙප් ඩිස්නිලන්තයට


2017-05-05 10:23:00       672
feature-top
ඩිස්නිලන්තයට යන ලොකු කුඩා ඕනෑම කෙනෙකුට විනෝද වෙන්න තියෙන අවස්ථාවලින් නම් අඩුවක් නැහැ. මේ අතරේ පසුගිය දවසක ජනප්‍රිය හොලිවුඩ් නළුකේ වන ජොනි ඩෙප් ඩිස්නිලන්තයට ගිහින්. ඔහු ගියේ සාමාන්‍ය විදියට නම් නෙවෙයි.

Pirates of the Caribbean චිත්‍රපටයේ ඔහු රඟ පෑ කපිතාන් ජැක් ස්පැරෝ ලෙසින් හැඳ පැලඳගෙන.

ඩිස්නිලන්තයේ Pirates of the Caribbean  චිත්‍රපටය වෙනුවෙන් වෙන් වූ ස්ථානයේ නිර්මාණය කර ඇති නෞකාව මතට නැඟී නරඹන්නන් පුදුමයට පත් කරලා. චිත්‍රපටයේ රංගනය නැවතත් සජීව ලෙසින් දකින්න ලැබීම ගැන නරඹන්නන් අතිශයෙන් ප්‍රීතියට පත් වෙලා.

ජොනි ඩෙප් ස්පැරෝස් ලෙසින් ඩිස්නිලන්තයට ගියෙත් නිකම් නම්නෙවෙයි. Pirates of the Caribbean  චිත්‍රපට මාලාවේ පස්වැන්න ළඟදීම තිරගත වෙන්න නියමිත නිසා. Dead Men Tell No Tales නම් වූ එය ලබන 11 වැනිදා තිරගත කෙරෙනවා. කපිතාන් ජැක් ස්පැරෝස්ගේ ඩිස්නිලන්ත ගමනේ අරමුණ වුණේ, මේ අලුත් චිත්‍රපටය වෙනුවෙන් ප්‍රේක්ෂකයාගේ උනන්දුව ඉහළ දැමීමයි.

Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks

More News »