Home / හොලිවුඩ් ගොසිප් / වෙනදාට වඩා සතුටින්

 

වෙනදාට වඩා සතුටින්

 

2017-05-04 09:23:00       674
feature-top
සුපිරි නළු මයිකල් ඩග්ලස්ට පිළිකා රෝගය වැලඳුණේ 2010 දී. ඔහුගේ උගුරේ හටගත් පිළිකාවට දිගින් දිගටම ප්‍රතිකාර කළා. මේ වන විට එයින් තරමක් දුරට සුවය ලබා සිටින මයිකල් ඩග්ලස් පවසන්නේ තමන් වෙන කවරදාකටත් වඩා බිරිය සහ දරුවන් සමඟ සතුටින් කල් ගෙවන බවයි. මයිකල් ගේ බිරිය තමයි ජනප්‍රිය නිළි කැතරින් සීතා ජෝන්ස්. ඔවුන් දෙදෙනාගේ දරුවන්, 16 වියැති ඩිලාන් සහ 13 වියැති කාරිස්.

“දැන්, මම වෙනදට වඩා මේ තුන් දෙනාත් එක්ක තමයි කාලය ගත කරන්නෙ. ඒ වෙනුවෙන් මට දැන් හොඳටම විවේකයක් තියෙනවා.” මයිකල් ඩග්ලස් එලෙස පවසන්නේ පෙරට වඩා තෘප්තිමත් ස්වරයකින්.

ඔහු, සිය බිරිය කැතරින් ගෙන් වෙන්වූයේ 2014 දීයි. ඒ වෙන්වීම සීමා වූයේ කෙටි කාලයකටයි. යළි කැතරින් සහ දරුවන් සමඟ එක වහළක් යට ජීවත්වීමට ලැබීම වාසනාවක් යැයි මයිකල් පවසනවා.


Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »