Home / හොලිවුඩ් ගොසිප් / චැප්ලින්ලා 662ක්


චැප්ලින්ලා 662ක්


2017-05-03 10:10:00       674
feature-top
ප්‍රවීණ නළු චාලි චැප්ලින් ප්‍රිය කරන රසික රසිකාවියන් හයසිය හැට දෙදෙනකු (662) පසුගියදා බටහිර ස්විට්සර්ලන්තයේ පිහිටි ඔහුගේ ඉපැරැණි නිවසට එකතු වුණා. කෞතුකාගාරයක් බවට පත්කර ඇති මේ නිවසට එලෙස රසික පිරිසක් රොද බැඳගත්තේ චාලි චැප්ලින් නම්වූ ප්‍රවීණ සිනමාකරුවාගේ 128 වැනි ජන්ම දිනය සමරන්නටයි. මේ හයසිය හැට දෙදෙනාම චාලි චැප්ලින් ලෙස හැඳ පැලඳ සිටීම විශේෂත්වයක්. ඔහු චිත්‍රපටවල රඟපාද්දී හැඳ සිටි කළු පැහැති ජැකට්ටුවෙන් සපත්තු යුගලෙන් සහ ඔහුගේ උඩු රැවුලෙන් මේ සියලුම දෙනා සැරසී සිටියා. ලොකු, කුඩා, බාල, මහලු, තරුණ භේදයකින් තොරවයි ඔවුන් සියල්ලන්ම එලෙස ‘චාලි චැප්ලින්’ ලෙස පෙනී සිටියේ.

මෙවැනි විශාල රසික පිරිසක් චාලි චැප්ලින්ගේ ජන්ම දිනය සමරන්නට මෙලෙස එක්වූයේ පළමු වතාවට බවයි එම කෞතුකාගාරයේ ප්‍රකාශකයකු පැවසුවේ.

“මීට කලිනුත් මේ විදිහටම චාලි චැප්ලින්ගේ රසික පිරිසක් මෙතනට එක්වුණා. නමුත්, මේ පාර තමයි වැඩිම පිරිසක් එක්වුණේ.” ඔහු විදෙස් පුවත් සේවාවකට එලෙස පැවසුවා. චාලි චැප්ලින් විසූ මේ නිවස කෞතුකාගාරයක් බවට පත්කර මහජනතාවට විවර කෙරුණේ මීට වසරකට කලින්. එහි වැඩ කටයුතු අරඹා මාස 12ක් ගතවෙද්දී එය නරඹන්නට 300,000ක පිරිසක් පැමිණ තිබෙනවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »