Home / හොලිවුඩ් ගොසිප් / රහස් හෙළි කළ රාජකීය චැට් එක

රහස් හෙළි කළ රාජකීය චැට් එක

2017-05-02 09:51:00       707
feature-top
ලේඩි ගාගා, බටහිර ලොව කැලඹූ ගී තරුවක් වුණත් එක්තරා කාලයකදී ඇගේ මානසික තත්ත්වය ද කැලඹී තිබූ බවයි පැවැසෙන්නේ. ඇය මේ බව හෙළි කර ඇත්තේ ‘ෆේස් ටයිම් චැට්’ නම්වූ සමාජ සත්කාරය මුල් කරගත් වීඩියෝ කතාබහකට එක්වෙමින්. මෙම වීඩියෝ චැට් වැඩ සටහනේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ එංගලන්තයේ විලියම් කුමරු සහ බිරිය මෙන්ම හැරී කුමරුන්.

බ්‍රිට් සම්මාන තුනකින්, ග්‍රැමී සම්මාන හයකින් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයකින් ද පුද ලද මේ සුපිරි ගී තරුව තව දුරටත් එහිදී හෙළි කළේ තමන් තුළ මානසික රෝගී තත්ත්වයක් පවතින බව

මුල් වරට හෙළි කරද්දී තමන් දැඩි ආතතියකට පත්වූ බවයි.

“ඒ දවස්වල හැමදාම උදේට නැගිටින කොට මට හරි දුකක් දැනුණා. ප්‍රසිද්ධ වේදිකාවකට ගොඩවෙද්දී මට දැනුණේ මම වරදක් කළා කියන හැඟීමයි. මට ඒ හැඟීම ඇත්තෙන්ම විස්තර කරන්න අමාරුයි. මා වටා කොච්චර සතුට හිතෙන දේවල් තිබුණත් උදේට මම නැගිටින්නේ හිත ඇතුළෙ විඩාවක් දරාගෙනයි.”

මේ වන විට සුව සහනය ලබා සිටින ලේඩි ගාගා එලෙස පැවසුවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »