Home / හොලිවුඩ් ගොසිප් / ඔස්කා නිළියගෙන් සිසුවාට ප්‍රශංසාවක්


ඔස්කා නිළියගෙන් සිසුවාට ප්‍රශංසාවක්


2017-04-29 10:06:00       673
feature-top
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයෙහි වෙසෙන 17 වියැති සිසුවකු කෙටි වීඩියෝ චිත්‍රපටයක් නිර්මාණය කළා. ඔහු මෙම නිර්මාණයට පාදක කර ගත්තේ ‘ලාලා ලෑන්ඩ්’ සිනමා නිර්මාණයේ ඇතුළත් වන ‘අ නදර් ඩේ ඉන් ද සන්’ නම් වූ ගීතයයි. නර්තන අංගයක් එක් කරමින් නිර්මාණය කර ඇති මෙම ගීතය, ජාකොබ් ස්ටොඩ්න්මයර් නම්වූ මේ සිසුවා විසින් මෙවර ඔස්කා සම්මානය ලද හොඳම නිළියට දැකගැනීමට සැලැස්වූවා. ඒ, සුපිරි නිළිය තමයි එමා ස්ටෝන්.

එය නැරැඹූ එමා ස්ටෝන්, ඉක්මනින්ම ජාකොබ් වෙත පණිවිඩයක් යවමින් සඳහන් කළේ ඔහුගේ උත්සාහය සාර්ථක වී ඇති බවයි. “ජාකොබ්, මට මෙතෙක් ලැබුණු සාර්ථකම නිර්මාණය මෙයයි. මුළු වීඩියෝ දර්ශනයම මම බලා සිටියේ සතුටින්. ඒ ගැන මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ වෙලාවෙ මම ඉන්නෙ ලන්ඩන්වල.”

එමා, තම පණිවිඩයෙහි එලෙස සටහන් කළා. ජාකොබ් පැවසුවේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමට සිහින දකින තමන්, මෙම නිර්මාණය කළේ එමා ස්ටෝන්ගේ අවධානය ඒ කෙරෙහි යොමුකර ගැනීමට බවයි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »