Home / හොලිවුඩ් ගොසිප් / පුංචි බොරුවක් ගිය දුරක්


පුංචි බොරුවක් ගිය දුරක්


2017-04-09 09:36:00       673
feature-top
නිකොලි කිඩ්මාන් සහ රිසී විදර්ස්පූන් දැන් පසුවන්නේ අතිශය ජනප්‍රිය තලයක. මෑතකදී මේ දෙදෙනා ටෙලි නාට්‍ය මාලාවක් නිෂ්පාදනය කළා. එය නම් කෙරුණේ ‘බිග් ලිට්ල් ලයිස්’ යනුවෙන්. ඔස්ට්‍රේලියානු ජාතිකයකු වන ලියැන් මොරියැටි විසින් ලියන ලද කතා මාලාවක් අනුව නිර්මාණය වන මේ ටෙලි නාටක මාලාව දැන් ඉතාම ජනප්‍රියයි.

මෙවැනි සාර්ථකත්වයක් මත ඉදිරියට ඇදුණු ‘බිග් ලිට්ල් ලයිස්’ අසාර්ථක කරන්නටදෝ කවුරුන් හෝ විසින් ඊට එරෙහිව ‘ලොකු - කුඩා බොරු’ රැසක්ම පතුරුවා තිබෙනවා. ඒ එක මුසාවකට අනුව නිකොලි සහ රිසී දැඩි ලෙස අමනාප වී ‘බිග් ‍ලිට්ල් ලයිස්’ ඉදිරි කටයුතු නතර වෙලාලු. මේ ආරංචිය දැනගත් හැටියේම ඊට ප්‍රතිචාර දැක්වූ නිකොලි පැවසුවේ එවැනි අමනාපයක් සිදුවී නැති බවයි.

“ඒ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන්නෙ අපි දෙන්නාමයි. අපි අතරෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා. තිර රචක ලියැන්ගේ සහයෝගයත් හොඳින්ම ලැබෙනවා. ඇත්තටම මේ ටෙලි නාට්‍යය කාන්තාවන් අතර ජනප්‍රියයි.” නිකොලි පැවසුවා.

කෙසේ වෙතත් වෙනත් ආරංචි මාර්ග පවසන්නේ නිකොලි, තමන් රඟපෑ ‘ලයන්’ නම්වූ චිත්‍රපටයට ප්‍රමුඛත්වය දීම නිසා ‘බිග් ලිට්ල් ලයිස්’ වෙත දක්වන අවධානය අඩුවීම රිසීගේ කනස්සල්ලට හේතු වී ඇති බවයි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »