Home / හොලිවුඩ් ගොසිප් / ජේක් සහ පිටසක්වළ ජීවියෝ


ජේක් සහ පිටසක්වළ ජීවියෝ


2017-04-05 09:38:00       673
feature-top
මේ විශ්වය තුළ ‍කොතැනක හෝ තවත් ජීවින් පිරිසක් සිටින බව තමන් විශ්වාස කරන්නේ යැයි ජනප්‍රිය නළු ජේක් ගිලෙන්හල් පවසනවා. ළඟදීම තිරගත වීමට නියමිත ‘ලයිෆ්’ නම් වූ අලුත්ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයෙහි රඟන ඔහු පවසන්නේ මෙතෙක් සොයා නොගත් කරුණු රැසක් මේ විශ්වය තුළ සැඟවී පැවැතිය හැකි බවයි. ජේක්, මෙම චිත්‍රපටයෙහි නිරූපණය කරන්නේ අභ්‍යවකාශ ගාමියකුගේ චරිතයක්.

“මම හිතන්නෙ සමහර විට මෙම ජීවින් අප සමඟ මිතුරුදම් පවත්වන එකක් නැති වෙන්නත් පුළුවන් කියලයි. සමහර වෙලාවට මේ වගේ පිරිස් දැනටත් අප අතර ඉන්න පුළුවන් කියලත් හිතෙනවා. කොහොම වෙතත්, අප සොයා නොගත් බොහොමයක් දේවල් ඉතිරි වෙලා තියෙනවා කියලයි මම විශ්වාස කරන්නේ.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සිටින කාර්ය මණ්ඩලයක් වටා ගෙතුණු කතාවක් රැගත් ‘ලයිෆ්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඩැනියල් එස්පිනෝසායි. මෙම චිත්‍රපටය ඇමෙරිකා එක්සත් ජනපදයේ තිරගත වීම ආරම්භ කළේ පසුගිය 24 දායි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »