Home / හොලිවුඩ් ගොසිප් / හොලිවුඩ් තරු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට


හොලිවුඩ් තරු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට


2017-04-04 10:08:00       684
feature-top
හොලිවුඩ් සිනමා සහ ගායන ලෝකයේ සුපිරි තරු, මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවන වාතාවරණයක් මතු වී ඇති බව පසුගිය මාස කිහිපය තුළ දක්නට ලැබුණා. ගෙවී ගිය වසරේ ඔක්තෝබර් මාසයේ වාර්තා වුණේ ජනප්‍රිය නිරූපිකාවක සහ නිළියක වන කිම් කර්ඩෂියන් පැරිසියේ නවාතැන් ගෙන සිටි කාමරයට පැමිණ කොල්ලකරුවන් ඇය සතු වටිනා ආභරණ පැහැරගත් බවයි.

ඒ අයුරින්ම කෙන්ඩල් ජෙනර් සහ ජයිම් ප්‍රෙස්ලි යන දෙදෙනාගේ නිවෙස් ද කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවයි හොලිවුඩ් පුවත් පවසන්නේ. කෙන්ඩල් ජේනර් ඇමෙරිකානු රූපවාහිනී නිවේදිකාවක් සහ නිරූපිකාවක්. ජයිම් ප්‍රෙස්ලි සිනමා නිළියක් සහ නිරූපිකාවක්.

දැනට 21 වැනි වියෙහි පසුවන කෙන්ඩල්ගේ නිවෙස මංකොල්ල කා ඇති බව ලොස් ඇන්ජලීස් පොලීසියට දැනගන්නට ලැබී ඇත්තේ අලුයම 1.15 ටයි. සොරුන් විසින් කෙන්ඩල් සතු වටිනා දේ පැහැරගෙන ගොස් ඇතැයි ද එම භාණ්ඩවල වටිනාකම ඩොලර් 200,000ක් පමණ විය හැකි යැයි ද පැවසෙනවා.

කෙන්ඩල්ගේ නිවසේ මංකොල්ලය සිදුවීමෙන් දින දෙකකට පසුව ජයිම්ගේ නිවෙසට සොරුන් පැමිණ තිබෙනවා. ඇය සතුව තිබුණු රන් ආභරණ ඇතුළු වටිනා භාණ්ඩ රැසක් සොරකම් කර තිබෙනවා. ඒවායෙහි වටිනාකම ඩොලර් 300,000ක් පමණ වන බවයි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලොස් ඇන්ජලීස් පොලීසිය පැවසුවේ.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »