Home / හොලිවුඩ් ගොසිප් / අභ්‍යවකාශයටත් ගිය චක් බෙරී ස්වරය


අභ්‍යවකාශයටත් ගිය චක් බෙරී ස්වරය


2017-04-03 09:31:00       674
feature-top
රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පුරෝගාමියකු වූ ජනප්‍රිය ගායක, ගිටාර් වාදක සහ ගීත රචක චක් බෙරී පසුගිය 18 දා මෙලොවින් සදහටම සමුගත්තා. ඇමෙරිකාවේ මිසෝරි ප්‍රාන්තයේ සේන්ට් චාර්ල්ස් හි විසූ ඔහු මිය යන විට 90 වැනි වියෙහි පසුවූවා.

සංගීත ලෝකයේ චක් බෙරී ලෙස රසික රසිකාවියන් ඔහුව හඳුනා ගත්තත්, ඔහුට දෙමවුපියන් තැබූ නම චාර්ල්ස් එඩ්වඩ් ඇන්ඩර්සන්. 1958 දී ‘ජොනී බී ගුඩි’ ගීතයෙන් ජනප්‍රියත්වයට පත්වූ චක් බෙරි, ගිටාර් සහ පියානෝ වාදනයට උපන් හපනෙක්.

චක් බෙරීගේ මියුරු ගීත ස්වරය, අභ්‍යවකාශයටත් එක්වී තිබෙනවා. ඔහු ගැයූ ‘ජොනී බී ගුඩි’ ගීතය, 1977 දී ඇමෙරිකාවේ කැනවරල් තුඩුවෙන් අභ්‍යවකාශගතවූ වොයෙජර් යානයෙහි බහාලූ රනින් නිම කළ තැටියෙහි ගීත අතරට එක්වී තිබෙනවා. විශ්වයේ වෙනත් ග්‍රහලොවක ජීවින් පිරිසකට මෙය හමු වුවහොත් ඔවුනට එහි ඇතුළත් ගීත ශ්‍රවණය කළ හැකි වන පරිදි එය සකසා තිබෙනවා.

චක් බෙරීගේ ගීත 10ක් වත්මන් පරපුරට රස විඳීමේ අවස්ථාව ලබා දෙන්නට ඔහුගේ පවුලේ සාමාජිකයන් දැන් කටයුතු කරමින් සිටිනවා. එම ගීත ඇතුළත් ඇල්බමය ජූනි 16 දා නිකුත් කිරීමට නියමිතයි. එහි, චක් බෙරී ගැයූ ‘වන්ඩර්ෆුල් වුමන්’, ‘බිග් බෝයිස්’, ‘ලේඩි බී ගුඩි’ ඇතුළු තවත් ජනප්‍රිය ගීත ඇතුළත් වෙනවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »