Home / හොලිවුඩ් ගොසිප් / සෙලිනා රහසක් හෙළි කරයි

 


සෙලිනා රහසක් හෙළි කරයි

 


2017-04-01 10:54:00       676
feature-top
මෙතෙක් රහසක්ව තිබුණු කාරණයක් සෙලිනා ගෝමස් පසුගියදා අනාවරණය කළා. ඇය පැවසුවේ තමන් තුළ නිධන්ගත වූ සමේ රෝගයක් පවතින බවයි. පසුගිය වසර 16ක කාලය තුළදී තමන් මෙම රෝගයෙන් පීඩා විඳිමින් එය සුවකර ගන්නට දැඩි උත්සාහයක් දැරු බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

සෙලිනා මුලින්ම තම රෝගී තත්ත්වය හෙළි කර ඇත්තේ මීට වසර දෙකකට පෙරදීයි. තවමත් මෙම රෝගයෙන් නිසි සුවයක් නොලබා සිටින ඇය, පසුගියදා දකුණු කැලිෆෝනියාවේ විශ්ව විද්‍යාලයකට මූල්‍ය දායකත්වයක් ලබා දුන්නා. ඒ, එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මඟින් සමේ රෝග පිළිබඳව කරනු ලබන පර්යේෂණ කටයුතු වෙනුවෙන්.

“මේ විශ්ව විද්‍යාලයෙන් කරන සමේ රෝග පිළිබඳ පර්යේෂණ සාර්ථක වෙලා ඒවාට නිසි ප්‍රතිකාර සොයා ගන්න හැකි වේවි ය කියන සුබවාදී බලාපොරොත්තුවකයි මම ඉන්නෙ. ඉතින්, මම හිතනවා අපි වගේ සමේ රෝගවලින් පෙළෙන ලොව පුරා වෙසෙන මිලියන ගණනකට මේ පර්යේෂණවලින් හොඳ පිළිතුරක් ලැබේවි ය කියලා.” සෙලිනා එලෙස කීවේ බලාපොරොත්තු සහගතවයි.

සෙලිනා, 2013 දී තමන්ගේ සංගීත ප්‍රසංග මාලාවක් අවලංගු කළේ ද මෙම රෝගී තත්ත්වය නිසා බවයි පැවැසෙන්නේ.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »