Home / හොලිවුඩ් ගොසිප් / ඩැනියල් - එරින් රන්මුදු පලඳින දිනය ළඟයි?


ඩැනියල් - එරින් රන්මුදු පලඳින දිනය ළඟයි?


2017-03-28 11:02:00       678
feature-top
ඩැනියල් රැඩ්ක්ලිෆ් මත්පැනට ඇබ්බැහි වී සිටි බව බොහෝ දෙනකු නොදන්නා දෙයක්. දැන් ඔහු එයින් මිදෙන්නට බලවත් පරිශ්‍රමයක් ගන්නවා. පසුගිය වසර තුනේදී ඔහු මත්පැන් ලෝලීත්වයෙන් මිදී සිටි බවයි ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ.

ඩැනියල්, මතින් දුරු වූයේ ජනප්‍රිය නිළි එරින් ඩාකේ නිසා ද? එය නිසැකවම පවසන්නට බැහැ. කොහොම වුණත් ඩැනියල් එරින් සමඟ පෙමින් බැඳී වසර දෙකක් ගතවූ පසුව තමයි ඔහු මත්පැනින් ඈත්වෙන්නට උත්සාහ දැරුවේ. ඩැනියල් සහ එරින්ගේ පෙම් කතාවට මේ වන විට වසර පහක් ගත වෙලා. මෑතකදී ඔහු ඇයට යෝජනා කර ඇත්තේ ‘විවාහ වෙමු’ කියලයි.

ඒ යෝජනාව එරින් පිළිගත්ත නිසාදෝ පසුගියදා ඇයත් සමඟ දෑත් පටලවා ගත්ත ඩැනියල්, ස්වර්ණාභරණ තේරීමේ සවාරියක යෙදුණා. ඒ, විවාහ ගිවිස ගැනීමේ මුදු මිලදී ගන්නයි. මේ බව හොඳින් දන්නා ඩැනියල් සහ එරින්ට හිතවත් අය පැවසුවේ ළඟදීම දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුවිය හැකි බවයි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »