Home / හොලිවුඩ් ගොසිප් / ටොම්ගේ ‘ස්කල් අයිලන්ඩ්’ අත්දැකීම


ටොම්ගේ ‘ස්කල් අයිලන්ඩ්’ අත්දැකීම


2017-03-27 09:43:00       1045
feature-top
‘දි ඇඩ්වෙන්චර් ඔෆ් කොන්! ස්කල් අයිලන්ඩ්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ ටොම් හිඩ්ල්ස්ටන් පවසන්නේ එම චිත්‍රපටය නිසා තමන්ට පෙර නොවූ විරූ අත්දැකීම් සම්භාරයක් ලබා ගැනීමට හැකි වූ බවයි.

“මේ චිත්‍රපටය ත්‍රාසජනක සිනමා නිර්මාණයක්. පැරැණි ශෛලියේ කතාවක් වුණත් අන්තර්ගතය අලුත්. මිනිස් ඇසුරක් නැතුව ජීවිතේ බේරාගෙන ජීවත්වෙන්නෙ කොහොමද කියන අත්දැකීම මේ චිත්‍රපටයේ රඟපෑමෙන් මම ලැබුවා. විශේෂයෙන්ම, දූපතකදී වෙන කිසිම මනුෂ්‍යයකු නැතුව ‘කිං කොන්’ එක්ක පදිංචි වෙලා සිටීමේ අත්දැකීම ලැබීම සඳහන් කරන්න පුළුවන්.” හිඩ්ල්ස්ටන් පැවසුවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ජොඩාන් වොග් රොබට්ස්. චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කළේ හවායි දූපත්වලදී, සහ ඔස්ට්‍රේලියාව, වියට්නාමය යන රටවල අප්‍රකට ස්ථානවලදීයි.

“රූගත කිරීම් සිදු කළ තැන්වලදි අපි හැමෝම ලැබුවේ මිල කරන්න බැරි දැනුමක්. අපි මේ රූගත කිරීම් වෙනුවෙන් අතිවිශේෂ දර්ශන තලවලට ගියා. ඒ තැන්වලදී මට හිතුණා, ඒවා කොයිතරම් ආකර්ෂණීය ද කියලා.” හිඩ්ල්ස්ටන් එලෙස කීවේ ‘දි ඇඩ්වෙන්චර් ඔෆ් කොන්! ස්කල් අයිලන්ඩ්’ හි රඟපෑමෙන් ලද සැබෑ සතුටෙන්.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »