Home / හොලිවුඩ් ගොසිප් / කේට් ගේ නිවස යළි විකුණන ලකුණු

කේට් ගේ නිවස යළි විකුණන ලකුණු

2016-05-04 09:49:00       1027
feature-top
සුපිරි නිළි කේට් වින්ස්ලට්ගේ සුඛෝපභෝගී නිවස විකුණා දැමීමට තීරණය වී ඇතැයි ආරංචියි. එංගලන්තයේ හේල් ප්‍රදේශයේ පිහිටි මේ නිවස මීට පෙර ද විකුණා දැමීමටයි කේට් අදහස් කරගෙන සිටියේ. ඒත් එය සිදුවුණේ නැහැ.

කේට් සතු මේ නිවස එංගලන්තයේ කෝන්වෝල් ප්‍රදේශයට ආවේණික වූ අන්ගාරක් ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකර තිබෙනවා. මෙය සැලසුම් කළ ගෘහ නිර්මාණ ශිල්පියා, බැරී බ්‍රිස්කෝ නම් වූ සම්මානිත වෘත්තිකයෙක්. ඔහු 2010 දී මිය ගියා.

ඔහුගේ අධීක්ෂණය යටතේ නිම වූ මේ නිවසෙහි සෑම පහසුකමක්ම තිබෙන බවයි පැවසෙන්නේ. මේ වන විට මෙහි මිල බ්‍රිතාන්‍ය පවුම් 400,000 ක් ලෙස සඳහන් වී තිබෙනවා. කෙසේ වෙතත්, මීට පෙර මේ නිවස අලෙවි කරන බව සඳහන් කර තිබුණේ පවුම් 425,000 කටයි. නිවස විකුණා දැමීමේ කටයුතු කරන්නට භාර දී ඇත්තේ ලන්ඩන්හි සුප්‍රසිද්ධ සමාගමකට බවයි කේට් පැවසුවේ.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »