Home / හොලිවුඩ් ගොසිප් / කැටීගේ ප්‍රේමය සුන්දරයිලු

කැටීගේ ප්‍රේමය සුන්දරයිලු

2016-05-03 09:41:00       1045
feature-top
ජනප්‍රිය ගායිකා කැටී පෙරී සහ ජනප්‍රිය නළු ඕර්ලැන්ඩෝ බ්ලූම් ගේ හමුවීම් දැන් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා. ඒත් ඕර්ලැන්ඩෝට සහ කැටීට නම් ඒක ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන් දෙදෙනා ප්‍රේම කතාවකට මුල පුරලා. හරිම සැහැල්ලුවෙන්, සතුටෙන් දෙදෙනාගේ ජීවිත ගත වෙනවා.

මෑතකදී පැවැති කැලිෆෝනියා සංගීත උලෙළට ඕර්ලැන්ඩෝ සහ කැටී අත් අල්ලාගෙන සහභාගි වූ අයුරු කාට කාටත් දැකගත හැකිවුණා. ඒ සුන්දර වූ මොහොත මේ දෙදෙනාගේම රසිකයෙකුගේ ජංගම දුරකථනයෙහි සටහන් වුණා.

ඔහු එය තමන්ගේ ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවිවලට ඇතුළත් කළේ පුංචි සටහනකුත් යොදමින්.

කැටී, ඕර්ලැන්ඩෝත් එක්ක සංගීත උලෙළට ආවේ හරිම සතුටකින්. අත් අල්ලාගෙන නියම ප්‍රේමවන්තයින් දෙදෙනකු වගේ ආව හැටි හරිම ලස්සනයි. ඒ දෙන්නාගෙ යාළුවො කට්ටියකුත් ඒ එක්කම ආවා. කැලිෆෝනියා සංගීත උලෙළට පැමිණි තවත් රසිකයෙකු එලෙස පැවසුවා.

පසුගිය ජනවාරි මාසයේදී පැවැති 2016 ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළට ද කැටී සහ ඕර්ලැන්ඩෝ මේ අයුරින්ම සහභාගි වූ බව රහසක් නොවෙයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »