Home / හොලිවුඩ් ගොසිප් / නඩත්තුව ගෙවන්න සල්ලි නැතිලු

නඩත්තුව ගෙවන්න සල්ලි නැතිලු

2016-05-02 10:12:00       1047
feature-top
ජනප්‍රිය නළු ඩේවිඩ් හෙසල්හොෆ් පසුගිය දා අධිකරණය ඉදිරියෙහි පෙනී සිටිමින් ඉල්ලීමක් කළා. එමඟින් ඔහු ඉල්ලා සිටියේ තමන්ගේ හිටපු බිරියට නඩත්තු ගෙවීමට තරම් වත්කමක් තමන් සතුව නොමැති නිසා එයින් නිදහස් කර දෙන ලෙසයි. ඩේවිඩ් හෙසල්හොෆ්ට මෙලෙස නඩත්තු ගෙවීමට සිදු වූයේ ඔහු තම නිත්‍යනුකූල බිරිය වූ පැමලා බාච්ගෙන් වෙන්වීම නිසයි.

ඩේවිඩ් සහ පැමලා විවාහ වූයේ 1989 දීයි. එම විවාහයෙන් 26 වියැති ටේලර් ඈන් සහ 24 වියැති හේලේ ඇම්බර් යනුවෙන් දියණියන් දෙදෙනෙකු ඔවුන් දෙපළට සිටිනවා. කෙසේ වෙතත් ඩේවිඩ් - පැමලා යුවළ 2006 දී නිත්‍යනුකූලව වෙන් වූවා. මේ හේතුවෙන් තම හිටපු බිරියට මසකට ඩොලර් 21,000 ක නඩත්තු මුදලක් ගෙවීමට ඩේවිඩ් හට සිදුවී තිබෙනවා. මේ ප්‍රවීණ නළුවා උසාවියේදී පැවසුවේ තමන් මාසිකව උපයන්නේ ඩොලර් 112,000 ක මුදලක් බැවින් නඩත්තු වශයෙන් මාසිකව ඩොලර් 21,000 ක් ගෙවීමට අපහසු බවයි.

ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවේ තමන්ගේ හිටපු බිරිය දක්ෂ නිළියක් සහ චිත්‍රපට නිෂ්පාදිකාවක් නිසා ඇයට පහසුවෙන් ආදායමක් උපයා ගත හැකි බවයි. එම නිසා තමන්ව මෙම නඩත්තු ගෙවීමේ කටයුත්තෙන් නිදහස් කරන්නැයි ඩේවිඩ් හෙසල්හොෆ් හෙවත් නයිට් රයිඩර්, උසාවියෙන් ඉල්ලා සිටිනවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »