Home / හොලිවුඩ් ගොසිප් / අධ්‍යක්ෂවරියන්ටත් තැනක් ඕනෑ

අධ්‍යක්ෂවරියන්ටත් තැනක් ඕනෑ

2016-04-30 10:15:00       1047
feature-top
ජූඩී ෆොස්ටර් හොලිවුඩ් සිනමාවේ බලගතු නිළියක්. හොලිවුඩයේ බොහෝ දෙනෙකු ඒ අයුරින් ඇයව හඳුන්වන්න පෙළඹී සිටිනවා. ඒ, ඇය සතු අපූර්වතම කුසලතාවන් නිසයි. ජූඩී ෆොස්ටර් නිළියක විතරක් නොවෙයි. ඇය දැන් චිත්‍රපට අධ්‍යක්ෂවරියක්. සාර්ථක සිනමාකාරියක් ලෙස ඉදිරියට පැමිණ සිටින ජුඩී මීළඟට අධ්‍යක්ෂණය කරන චිත්‍රපටය මනි මොන්ස්ටර්.

මෑතකදී පැවැති ට්‍රිබෙකා සිනමා උලෙළේදී මාධ්‍යයන් අමතමින් ඇය විශේෂයෙන් සඳහන් කළේ හොලිවුඩ් සිනමාව තුළ චිත්‍රපට අධ්‍යක්ෂවරියන් හිඟ වීම බලවත් පාඩුවක් බවයි.

කාන්තාවන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පැමිණෙන්න ඕනෙ. කාන්තාවන්ට පිරිමින්ට වඩා සිනමා ක්ෂේත්‍රය තුළ සාර්ථකව නායකත්වය මෙහෙයවන්න පුළුවන්. ඒත් කාන්තාවන් මේ චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු නොවෙන්න ගොඩක් හේතු තියෙනවා. මූල්‍යමය, මානසික වගේ තත්ත්වයන් වගේම තවත් හේතු මීට බලපානවා. ඒවා නැති කර ගත්තොත් හොලිවුඩ් සිනමාවට දැනට වඩා හොඳ අධ්‍යක්ෂවරියන් එක්වේවි. ජුඩී ෆොස්ටර් අවධාරණය කළා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »