Home / හොලිවුඩ් ගොසිප් / පැරැණි පෙම්වතිය සහ අලුත් ප්‍රේමය

පැරැණි පෙම්වතිය සහ අලුත් ප්‍රේමය

2016-04-28 10:06:00       1045
feature-top
යෞවනයේ හදවත් දිනා ගත් ක්‍රිස්ටීන් ස්ටුවර්ට් අප්‍රේල් 9 දා 26 වැනි වියට පා තැබුවා. ඇය පෙමින් බැඳී සිටියේ ජනප්‍රිය නළු රොබට් පැටින්සන් සමඟයි. ඒත්, පසුකලකදී දෙදෙනා වෙන්වූ බව රසික රසිකාවියන් හොඳින්ම දන්නා දෙයක්.

පසුගිය දා ආරංචි පැතිරී ගියේ ක්‍රිස්ටීන් වෙනත් කෙනකුගේ ආදරයට මැදිවී සිටින බවයි. ඔහු තමයි, ප්‍රංශ ගායකයෙකු වන සෝකෝ. මේ ආරංචිය පැතිරී ගොස් මාස කිහිපයක් ගතවෙද්දී දැනගන්නට ලැබුණේ විශේෂ සිදුවීමක්. ක්‍රිස්ටීන්ගේ හිටපු පෙම්වතා වන රොබට් පැටින්සන්, ක්‍රිස්ටීන්ට සහ ඇගේ අලුත් පෙම්වතාට සුබ පතලා.

රොබට් සහ ක්‍රිස්ටීන්ගේ ප්‍රේමයට අඳුරු වලාවන් එක්වුණේ ක්‍රිස්ටීන් රඟපෑ ස්නෝවයිට් ඇන්ඩ් ද හන්ස්ට්මෑන් නම් වූ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රොබට් සෑන්ඩර්ස් සමඟ ඇය සමීප සබඳතාවක් පවත්වාගෙන යෑම නිසයි.

කෙසේ වෙතත් තම පැරැණි පෙම්වතියගේ අලුත් ප්‍රේමයට සුබ පැතූ රොබට් පැවසුවේ ඔවුන් දෙදෙනාගේ ජීවිත සාර්ථක වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »