Home / හොලිවුඩ් ගොසිප් / අැබා නැවත ජීවමාන වේ

අැබා නැවත ජීවමාන වේ

2016-04-27 09:34:00       1047
feature-top
හැත්තෑව සහ අසූව දශකයන්හිදී ලොව පුරා යොවුන් පරපුර උන්මාදයට පත් කළ සුප්‍රකට අැබා (ABBA) සංගීත කණ්ඩායමේ මමා මියා නම් වූ මියුරු ගීතයේ අදහසට අනුව නිර්මාණය වූ එනමින් යුතු වේදිකා ප්‍රසංගය සහ නාට්‍යය දැන් බොහෝ රටවල ජනප්‍රියත්වයට පත්වෙලා.

මෙහි ප්‍රධාන චරිතයක් රඟන්නේ ජනප්‍රිය නිළි එරින් ෆිෂ්. 1999 දී ලන්ඩන් නුවර දී පළමු වරට වේදිකා ගත වූ මෙම නාට්‍යය නිව්යෝක්, ලාස් වේගාස්, ටෙල් අවිව්, මොස්කව්, බීජිං, සියොල්, සිඩ්නි ඇතුළු ප්‍රධාන පෙළේ නගර 440 ක මේ වන විට රඟ දක්වා තිබෙනවා. මෙය නරඹා ඇති ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 60ක් පමණ වන බවයි පැවසෙන්නේ.

මෙම නාට්‍යමය ප්‍රසංගයේදී අැබා සංගීත කණ්ඩායම එදා ගායනා කළ ඩාන්සින් ක්වීන්, එස්. ඕ. එස්. මනි මනි, ටේක් අ චාන්ස් ඔන් මී යන ගීත ද එරින් ෆිෂ් විසින් ගායනා කරනු ලබනවා. මේ ගීතවලට ශ්‍රාවකයන් අද පවා මහත් සේ ඇලුම් කරන බවයි, එරින් ෆිෂ් පවසන්නේ.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »