Home / හොලිවුඩ් ගොසිප් / ඉන්දියාවෙන් හොලිවුඩයට පැමිණි යෞවනයා

ඉන්දියාවෙන් හොලිවුඩයට පැමිණි යෞවනයා

2016-04-22 09:45:00       1027
feature-top
ප්‍රශාන්ට් රායි, ඉන්දීය සම්භවයක් සහිත නළුවකු වුණත් ඔහු වඩාත් ප්‍රකටව සිටින්නේ හොලිවුඩ් සිනමාව තුළයි. මේ යොවුන් නළුවාට හොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වන නින්ජා ටර්විල්ස්හි අලුත් කථාංගයක රඟපෑමේ වරම හිමි වුණා.

ඔහු සමඟ රඟපෑමට ජනප්‍රිය නිළියක් වන මෙගාන් ෆොක්ස් ද එක්වන බවයි පැවසෙන්නේ. මේ අලුත් චිත්‍රපටයේ නම තමයි, ටීනේජ් මියුටන්ට් නින්ජා - ටර්ට්ල්ස් : අවුට් ඔෆ් ෂැඩෝස්. මම නින්ජා ටර්ට්ල්ස් චිත්‍රපටවල රසිකයෙක්. ඉතින් ඒ චිත්‍රපටයක රඟපාන්න ඉඩ ලැබෙනවා ය කියල දැනගන්න ලැබුණා ම මට ලොකු සතුටක් ඇතිවුණා. අපි රූගත කිරීම් කළේ මැන්හැට්න්වලදීයි. මට තවම හිතාගන්න බැහැ, මම මෙගාන් ෆොක්ස් වගේ නිළියක් එක්ක රඟපෑව කියල. මම මේ චිත්‍රපටයේ මුලින්ම රූගත කිරීම් කරන්න ආපු දවසෙ මෙගාන්ව හඳුනාගන්නත් බැරි වුණා. රූගත කිරීම්වලදී ඇය මා තුළ රඟපෑම් ගැන විශ්වාසයක් ඇතිකළා.

ප්‍රශාන්ට් සිනහමුසුව පැවසුවා. කුංග්ෆු සටන් කලාව හදාරා ඇති ඔහු ද අමේසින් ස්පයිඩර් මෑන් - 2 සහ ජෝජ් ක්ලූනි සහ ජුලියා රොබට්ස් රඟපෑ මනි මොන්ස්ටර් චිත්‍රපටවල ද රඟපෑවා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »