Home / හොලිවුඩ් ගොසිප් / ෆෝඩ් ගේ අනුවේදනීය කතාව

ෆෝඩ් ගේ අනුවේදනීය කතාව

2016-04-20 09:37:00       1046
feature-top
ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ අලුත්ම නිර්මාණය වූ ස්ටාර් වෝස් : ද ෆෝස් අවේකන්ස් හි ප්‍රධාන චරිතයකට එක්වූ ප්‍රවීණ නළු හැරිසන් ෆෝඩ් පිළිබඳ දුක්බර පුවතක් පසුගියදාක අහන්න ලැබුණා. හැරිසන් මේ වන විට 73 වැනි වියෙහි පසුවනවා. ඔහුගේ දියණිය වන 26 වියැති ජෝජියා ෆෝඩ් කුඩා කල පටන්ම අපස්මාර රෝගයෙන් පීඩා විඳින යුවතියක්.

තම ආදරණීය දියණියගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මුදල් උපයා ගැනීම සඳහා තමන් සතු වටිනා කබායක් වෙන්දේසියේ විකුණා දැමීමටයි හැරිසන් ‍ෆෝඩ් උත්සාහ දරන්නේ. මේ වටිනා කබාය ඔහු ස්ටාර් වෝස් : ද ෆෝස් අවේකන්ස් චිත්‍රපටයේ රඟපාද්දී හැඳ සිටියා. මේ දුඹුරු පැහැති කබාය මේ වන විට ඇමෙරිකානු ඩොලර් 33,000කට මිල නියම කර අන්තර්ජාලය ඔස්සේ වෙන්දේසි කිරීමට සූදානම් කරලා.

හැරිසන්ගේ දියණියට ප්‍රතිකාර කරන්නේ නිව්යෝක් විශ්ව විද්‍යාලයේ ලැගෝන් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් බවයි පැවසෙන්නේ. තමන්ගේ හදවත රිදුම් දෙන ආදරණීය දියණියගේ රෝගය ළඟදීම සුව කරගැනීමට හැකි වනු ඇතැයි හැරිසන් විශ්වාසය පළ කරනවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »