Home / හොලිවුඩ් ගොසිප් / ලේඩි ගාගා විස්සෙන් සමුගනී

ලේඩි ගාගා විස්සෙන් සමුගනී

2016-04-19 09:36:00       1047
feature-top
මේ සුරූපිනියට ඇගේ දෙමවුපියන් විසින් තබනු ලැබූ නම තමයි, ස්ටෙෆනි ජොආන් ඇන්ජලිනා ගෙර්මැනෝටා. ඇය අද ලෝක ප්‍රකට සුපිරි ගායිකාවක්. ඒ වුණත් මේ නමින් ඇයව හඳුනන්නේ ඇගේ පවුලේ උදවිය සහ පෙම්වතා පමණයි. ඇය ගායන ලෝකයේ හඳුන්වන්නේ වෙනත් නමකින්. ඒ නම තමයි, ලේඩි ගාගා.

මේ සුපිරි ගායිකාව පසුගිය 28 දා තමන්ගේ 30 වැනි උපන් දිනය සැමරුවා. උපන් දින සාදය පැවැත්වුණේ හොලිවුඩ්හි නෝ නේම් ක්ලබ් හිදීයි. ජීවිතයේ දෙවැනි දශකයට සමු දී තුන්වැනි දශකය ඇරැඹෙන මේ උපන් දිනය වෙනුවෙන් පැවැත්වූ ප්‍රිය සම්භාෂණයකට හොලිවුඩ් කලා ලොව තරු රැසක්ම එක්වී සිටියා. ඒ අය අතර සිටි ජනප්‍රිය තරු කිහිපයක් සටහන් කළ හැකියි... ටේලර් ස්විෆ්ට්, කේට් හඩ්සන්, කිලී මිනෝන්, එවන් රොස් සහ ඔහුගේ බිරිය වන ඈෂ්ලී සම්ප්සන්.

මේ උපන් දින සාදයට තවත් විශේෂ අමුත්තකු ද සහභාගි වුණා. ඔහු තමයි, ජනප්‍රිය නළු ටේලර් කිනේ. මේ වන විට 34 වැනි වියෙහි පසුවන ටේලර් සමඟ 2015 පෙබරවාරි මාසයේදී ලේඩි ගාගා විවාහ ගිවිස ගත්තා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »