Home / හොලිවුඩ් ගොසිප් / ජෙනීගේ ප්‍රේමයට මාස දෙකයි

ජෙනීගේ ප්‍රේමයට මාස දෙකයි

2016-04-18 10:53:00       1027
feature-top
මීට මාස දෙකකට පෙර තමන් සමඟ අත්වැල් බැඳගත් පෙම්වතා හැර දමා තවත් කෙනකු වෙත ළං වෙන්නට තරම් පුදුමාකාර සිතක් සුපිරි නිළි ජෙනිෆර් ලෝරන්ස්ට තිබෙන හැඩයි.

එදා ඇය සමඟ පෙම් කතාවකට මුල පිරුවේ ජනප්‍රිය නළු, ක්‍රිස් එවන්ස්. හොලිවුඩයෙන් ලැබුණු උණුසුම් පුවතක දැක්වුණේ 25 වියැති ජෙනිෆර්, 47 වියැති චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඩැරන් අරනොෆ්ස්කිගේ හදවතට ළංවී ඇති බවයි. මේ දෙදෙනා දැන් චිත්‍රපටයක වැඩ කටයුතු කරමින් සිටිනවා. චිත්‍රපටයට සම්බන්ධ ශිල්පීන් පිරිසක් කීවේ ජෙනිෆර් සහ ඩැරන් ගේ ප්‍රේමය පටන් ගත්තේ එම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවන අතරේදී බවයි.

චිත්‍රපටය ගැන කතාබහ කරන්නයි දෙන්නා මුලින්ම හමුවුණේ ඉන් පස්සේ රූගත කිරීම්වලදී වැඩේ දුරදිග ගියා. එක්තරා ශිල්පියකු උපහාසය මුසුව කියා සිටියා.

තමන්ගේ චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑ නිළියන් සමඟ පෙම් සබඳතා පැවැත්වූ බවට ඉතිහාසයක් ඩැරන් සතුව තිබෙනවා. ඔහු, සිනමා නිළි රැචල් වීස් ව විවාහ කරගත්තේ එක්තරා වේදිකා නාට්‍යයකදී ඇයව හඳුනාගත් පසුවයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »