Home / හොලිවුඩ් ගොසිප් / මාරියා ප්‍රසංගය නවතයි

මාරියා ප්‍රසංගය නවතයි

2016-04-10 09:14:00       1027
feature-top
පොප් ගී ලොව රැජන හැටියට හඳුන්වන මාරියා කැරේ, මාර්තු 27 බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම්ව සිටියා. ඒත්, පසුගිය දා බ්‍රසල්ස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා ඇය ඒ ප්‍රසංගය අවලංගු කර තිබුණා. මාර්තු 27 දා මාරියාගේ උපන් දිනයත් යෙදී තිබුණු නිසයි එදිනම සංගීත ප්‍රසංගයත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණේ.

බ්‍රසල්ස්වල සිටින මගේ රසික රසිකාවියන්ට මම ආදරෙයි. ඒත් මට අවවාද ලැබිලා තිබුණා, මේ වෙලාවෙ බ්‍රසල්ස්වලට යන්න එපා ය කියලා. ඒ නිසා මගේ රසික රසිකාවියන්ගේ, මගේ සංගීත කණ්ඩායමේ සහ මගේ කාර්ය මණ්ඩලය ඇතුළු හැම දෙනාගෙම ආරක්ෂාව වැදගත් නිසා මම මේ ප්‍රසංගය අවලංගු කළා. ළඟදීම බ්‍රසල්ස් නුවර එන්න බලාපොරොත්තු වෙනවා මාරියා තම ට්විටර් පිටුවේ එම පණිවුඩය සටහන් කළා. ඇය මේ දිනවල බටහිර යුරෝපා රටවල සංචාරයක යෙදී සිටිනවා. එහි එක් නැවතුමක් වූයේ බ්‍රසල්ස් නගරයයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »