Home / හොලිවුඩ් ගොසිප් / ප්‍රචණ්ඩ රළ සමග හියූ සටනක

ප්‍රචණ්ඩ රළ සමග හියූ සටනක

2016-04-09 09:34:00       1049
feature-top
ද වුල්වරින් චිත්‍රපටයේ රඟපෑ හියු ජැක්මන් ඔබට මතක ඇති. ඔහු මෑතකදී තම දරුවන් සමඟ මුහුදේ පීනන්න ගොස් සිදුවන්නට ගිය අනතුරකින් ගැලවුණු පුවතක් දැනගන්නට ලැබුණා.

හියු ජැක්මන් පසුගියදාක ඔස්ට්‍රේලියාවේ බොන්ඩි බීච් නමින් හැඳින්වෙන මුහුදු ප්‍රදේශයේ තම දරුවන් කැටුව ගියේ පීනන්නයි. ටික වේලාවක් පීනමින් සිටිද්දී හදිසියේම නැඟුණු ප්‍රචණ්ඩ රැල්ලකට සියලු දෙනාම හසුවුණා. හියු ඉක්මනින්ම තම දරුවන් දෙදෙනා වැරෙන් ඇදගෙන වෙරළ දෙසට පීනා යද්දී ගිලෙන්නට ගිය තවත් පුද්ගලයකු ද ඔහුගේ අතක එල්ලී දිවි ගලවා ගත් බවයි ආරංචි පැතිරී ගියේ.

ඒත් හියු විසින් ගොඩබිමට ඇදගෙන ගිය පීටර් ඇඩම් නම්වූ එම පුද්ගලයා පවසා ඇත්තේ ඔහු, හියුගේ දියණිය ගිලෙන්නට යද්දී ඇයව බේරා ගන්න උදවු කළ බවයි. හියු මාව බේරා ගත්තෙ නැහැ. මම එයාගෙ දුවව බේරාගන්නයි උදවු කළේ. ඊට පස්සෙ හියු මගෙ අතින් ඇදලා එයාගෙ පුතාවත් ගොඩට ඇදගෙන ආවා. පීටර් ඇඩම් රූපවාහිනී චැනලයකට එලෙස පැවසුවා.

මේ සියලු දෙනාගේම සහායට ඒ අසල රැඳී සිටි ජීවිතාරක්ෂකයින් පැමිණ තිබෙනවා. බොන්ඩි ජීවිතාරක්ෂක සමාජය හියු ජැක්මන්ට මෙහිදී ස්තුති කර තිබෙනවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »