Home / හොලිවුඩ් ගොසිප් / ටර්මිනේටර් 6 එනවා

ටර්මිනේටර් 6 එනවා

2016-04-07 11:04:00       1027
feature-top
වසර ගණනකට පෙර ටර්මිනේටර් චිත්‍රපට මාලාව අත් කරගත් ජනප්‍රියත්වය යළි හඳුන්වා දිය යුතු නැහැ. මේ ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රඟපෑ ආනෝල්ඩ් ශ්වසනෙගර් සිනමා රසිකයන්ගේ වීරයකු බවට පත්වුණේ ටර්මිනේටර් එක්කමයි.

මේ වන විට ටර්මිනේටර් චිත්‍රපට මාලාවේ 5 වැන්නත් තිරගත වෙලා. පසුගියදා ආනෝල්ඩ් පැවසුවේ මෙහි 6 වැනි චිත්‍රපටයත් ළඟදීම නිර්මාණය වන බවයි. ඔහු මේ අලුත් ආරංචිය කීවේ මාධ්‍ය හමුවකදීයි.

එහිදී මාධ්‍යවේදියකු කළ විමසුමකට පිළිතුරු දුන් ආනෝල්ඩ් මම ඒ ගැන තමයි අවධානය යොමුකරලා තියෙන්නෙ. සත්තකින් ම. යැයි පැවසුවා.

ආනෝල්ඩ් මෑතකදී රඟපෑ ජෙන්අයිසිස් නම් වූ චිත්‍රපටය සාර්ථකව තිරගත වුණේ නැහැ. එමිලා ක්ලාක්, ජේසන් ක්ලාක් සහ ජායි කර්ට්නි සෙසු චරිත රඟපෑ මේ චිත්‍රපටය නම් කර තිබුණේ අලුත් ම ටර්මිනේටර් චිත්‍රපට ත්‍රිත්වයේ පළමු චිත්‍රපටය හැටියටයි.

විශාල වියදමක් දරා නිර්මාණය කළ මේ චිත්‍රපටය උතුරු ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කිරීමෙන් ලබා ඇත්තේ ඩොලර් මිලියන 100 ක් පමණයි. නමුත් එය චීනයේ සාර්ථකව ප්‍රදර්ශනය වී තිබෙනවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »