Home / හොලිවුඩ් ගොසිප් / යළි අත්වැල් අල්ලාගෙන

යළි අත්වැල් අල්ලාගෙන

2016-04-06 09:31:00       1027
feature-top
ජස්ටින් බීබර් සහ සෙලිනා ගෝමස් අතර පවතින්නේ කෙබඳු ආකාරයක ප්‍රේමයක්දැයි කිසිම කෙනෙකුට කියන්න බැහැ. තරහ වෙමින්, යාළු වෙමින් යළි යළිත් තර‍හවෙමින් ඔවුන් ගත කරන ජීවිත අරුම පුදුමයි.

මීට මාස කිහිපයකට කලින් අමනාප වූ දෙදෙනා යළිත් සමීප වූ සිදුවීමක් පසුගියදා අහන්න ලැබුණා. සෙලීනා, ජස්ටින් බීබර් ගේ ප්‍රසංගයක් නරඹන්න ගිහින්. පර්පස් වර්ල්ඩ් ටුවර් යනුවෙන් නම් කර ඇති බීබර් ගේ මේ ප්‍රසංගය පැවැත්වුණේ ලොස් ඇන්ජලීස් නුවරයි.

ප්‍රසංගය නැරඹීමට පැමිණි අය පවසන්නේ එය අවසන්වූ පසුව බීබර් සහ‍ සෙලිනා වේදිකාව පසුපස අත්වැල් අල්ලාගෙන මුමුනමින් සිටි බවයි.

මේ අතර තවත් ප්‍රේක්ෂක‍යකු කියන්නේ වෙනත් කතාවක්. ප්‍රසංගය නිමවූ පසුව සෙලීනා, වේදිකාව පසු පස තිබුණු ඇඳුම් මාරුකරන කාමරයේදී බීබර් සමඟ කතා බහ කරමින් සිටිනු දුටු බවයි. දෙන්නා ඒ වෙලාවෙ හිටියෙ හරිම සතුටින්. ප්‍රේක්ෂකයා එලෙස කීවා.

බීබර් ‍ගේ මේ ප්‍රසංගය නැරඹීමට හොලිවුඩ්පුරයේ සුපිරි කලාකරුවන් සහ කලාකාරියන් කිහිප දෙනෙකු ම පැමිණ සිටි බවත් ආරංචියි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »