Home / හොලිවුඩ් ගොසිප් / බැට්මෑන් ලේසි නැහැ

බැට්මෑන් ලේසි නැහැ

2016-04-05 09:31:00       1027
feature-top
වැඩිහිටියන් ගේ පමණක් නොවෙයි ළමයින්ගේ ද වීරවරයන් වූ බැට්මෑන් සහ සුපර්මෑන් එකට රඟන බැට්මෑන් වර්සස් සුපර්මෑන් චිත්‍රපටය පසුගිය 25 දා සිට ලොව පුරා තිරගත කෙරෙනවා.

මේ චිත්‍රපටයේ බැට්මෑන් ලෙස රඟන්නේ බෙන් ඇෆ්ලෙක්. ඔහු පවසන්නේ තමන් බැට්මෑන් ලෙස චරිතය නිරූපණය කරද්දී ගැටලුකාරී තත්වයකට මුහුණ දුන් බවයි.

බැට්මෑන් ගේ ස්වභාවය තේරුම් ගැනීමට අපහසුවීම නිසා එම චරිතය ලෙහෙසියෙන් නිරූපණය කරන්නට තමන් ට නොහැකි වූ බවයි බෙන් පවසන්නේ.

වැඩිහිටියකු හැටියට මගේ සිතුවිලි අනුව බැට්මෑන් ගෙ චරිතය රඟපානවද, එහෙමත් නැතිනම් මම පුංචි කාලෙදි දැකපු, කියවපු, බැට්මෑන් හැටියට රඟපානවද කියන ප්‍රශ්නයයි ඇති වුණේ.

රූප ගත කරන හැම දවසෙ දිම මම ඔය ප්‍රශ්න‍ දෙකෙන් හෙම්බත්වෙලයි හිටියේ. ඒ වුණත් මමත්, ප්‍රේක්ෂකයිනුත් බැට්මෑන් චරිතයට ගොඩක් කැමැතියි. බෙන් පසුගියදා එලෙස පවසා තිබුණා.

ඔහු තම අතීත සිදුවීම් ද සිහිපත් ‍කළේ දැඩි සතුටකින්.... මට මතකයි මම මුලින් ම ෆ්‍රෑන්ක් මිලර් ගෙ චිත්‍රකතා පොතක් මිලදී ගත්ත දවස. ඒ පොත තිබුණු සාප්පුව අදත් තියෙනවා... බෙන් තම කුඩා කාලය සිහිපත් කරමින් පැවසුවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »