Home / හොලිවුඩ් ගොසිප් / ස්පිල්බර්ග් හාවඩ් යයි

ස්පිල්බර්ග් හාවඩ් යයි

2016-04-01 10:26:00       1046
feature-top
ලෝක ප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ සමාරම්භක දේශනයක් පැවැත්වීමේ වරම සුප්‍රකට හොලිවුඩ් සිනමාකරුවකුට හිමි වෙලා. ඔහු තමයි, ස්ටීවන් ස්පිල්බර්ග්. මේ දේශනය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි 26 දායි.

ඔස්කා සම්මානලාභී ස්පිල්බර්ග් හට මේ ඇරයුම ලැබී ඇත්තේ 2016 වසරේ අධ්‍යයන කටයුතු අරඹන උපාධි අපේක්ෂකයන් වෙනුවෙන් සමාරම්භක දේශනය පවත්වන්නටයි. මෙය, හාවඩ් විශ්ව විද්යායලයේ 365 වැනි සමාරම්භක දේශනය හැටියට ඉතිහාසයට එක්වෙනවා.

ස්පිල්බර්ග්, අසමසම සිනමාකරුවෙක්. ඒ වගේම අපූර්වතම කතා නිර්මාණය කිරීමේ හැකියාවක් ඇති කතන්දරකරුවෙක්. මම ඉතාම කැමැත්තෙන් ඉන්නෙ ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයට පිළිගෙන ගෞරව පුදන්න.

හාවඩ් විශ්ව විද්‍යාලයේ සභාපති ඩෲ ෆෝස්ට් එලෙස පැවසුවා. ස්පිල්බර්ග්ගේ පැමිණීම වෙනුවෙන් එම විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කරන ලද, ස්පිල්බර්ග්ගේ චිත්‍රපටවල කොටස් එකතු කළ විශේෂ වීඩියෝ පටයක් ද නිකුත් කර තිබුණා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »