Home / හොලිවුඩ් ගොසිප් / ජූලියා නීති ලෝගුව පැලඳ ගනී

ජූලියා නීති ලෝගුව පැලඳ ගනී

2016-03-30 10:45:00       1027
feature-top
ප්‍රවීණ නිළි ජූලියා රොබට්ස් ළඟදීම අලුත චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට තෝරාගෙන තිබෙනවා.චිත්‍රපටයේ නම, ට්‍රේන් මෑන්. ජූලියා මෙහි රඟන්නේ නීතිඥවරියකගේ චරිතයයි.

ට්‍රේන් මෑන්, නිව්යෝක් නුවරට විසූ ඩේරියස් මැක්කොලම් නම්වූ පුද්ගලයකු වටා ගෙතුණු කතාවක් රැගත් චිත්‍රපටයක්. ඉතාමත් අසංවරව මෝටර් රථ ධාවනය කළ ඩේරියස්, නීති විරෝධී අයුරින් රියැදුරන්ව පුහුණු කරන කටයුතුවල ද නියැළී සිටියා. ඔහු කිසියම් මානසික ගැටලුවකින් පීඩා විඳි, එයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් පුද්ගලයකු ලෙස ද හඳුන්වා දී තිබෙනවා. ඔහු, පොලිස් අත්අඩංගුවට පත්වී සිර දඬුවම් ලැබූවෙක්. ඩේරියස්ගේ සත්‍ය කතාව පදනම් වූ ට්‍රේන් මෑන් චිත්‍රපටයේ ජූලියා රොබට් නිරූපණය කරන්නේ ඩේරියස් වෙනුවෙන් දීර්ඝ කාලයක් ඔහුගේ නඩුහබවලට පෙනී සිටි සැලී බට්ලර් නම්වූ නීතිඥවරියගේ චරිතයයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »